යාපනයට කොරෝනා වෛරසය බෝකරපු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා දේව මෙහෙය -[Video]
Thursday, 26 March 2020 - 19:54 | Views - 2,827
ස්විස්ටර්ලන්තයේ සිටි පැමිණ දේවගැතිවරයෙකු මෙරට පැවැත්වූ දේව මෙහෙය පැවත්වූ බව කියන වීඩියෝවක් මේ වන විට ලැබී තිබෙනවා.
 
පසුගිය දිනක ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අදාළ දේවගැතිවරයා විසින් යාපනය, අරියාලෛ ප්‍රදේශයේ දේව මෙහෙයක් සංවිධානය කර තිබුණේ, කොරෝනාවෙන් ආරක්ෂා වෙමු යන තේමාව යටතේයි.
 
කෙසේ වෙතත්, අදාළ දේව මෙහෙය අවසන්වීමෙන් අනතුරුව පියතුමාට ද කොවිඞ් 19 ආසාදනයවී ඇති බවට අනාවරණවී තිබුණා.
 
ඉන් පසුවයි ඊට සහභාගී වූ පිරිස් වෙත සෞඛ්‍ය අංශ දැනුවත් කරනු ලැබුවේ, වහාම අදාළ පරීක්ෂන වෙත යොමු වන ලෙසයි.

අදාළ දේව මෙහෙට යාපනය, වවුනියාව, මන්නාරම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් පුද්ගලයින් 150 දෙනෙකුට අධික පිරිසක් සහභාගී සිටි බව සඳහන්.
 
පසුගියදා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලට ඇතුළත්වී තිබුණා.
 
ඉන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී අනාවරණවී තිබුණේ, මොවුන් අදාළ දේව මෙහෙයට සහභාගීවී ඇති බවටයි.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top