ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග
Thursday, 26 March 2020 - 14:03 | Views - 735
ආයෝජන මණ්ඩලයට යටතේ පවතින සියලූම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග නියෝග කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලත් සමඟ මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙසයි අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත්තේ.

එම ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් යුද හමුදා අධීක්ෂණය යටතේ් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කරන ලෙසද විෂයභාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ කටුනායක,

බියගම සහ සීතාවක යන නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් 25,000 කට වැඩි පිරිසක් ගම්බිම් වෙත යාමට නොහැකිව නවාතැන්පලවල සිරවී සිටින බවයි.

ඇතැම් කර්මාන්තශාලාවලින් සේවකයින්ට නිවාඩු ලබා නොදීම ද ඊට හේතුවී ඇති බව ඔහු සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top