සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක්
Thursday, 26 March 2020 - 13:48 | Views - 2,689
සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කිරීම සඳහා නිර්දේශ නොකරන බව පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින්, ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් මෙන්ම රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයින් සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවයි.

එදිනෙදා ජීවන කටයුතුවල නිරතවන සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවත්, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝග පැතිරීමේ වැඩි අවදානමක් පවතින බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සළකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top