Covid 19 වෙනුවෙන් සටන් වදින, වෛද්‍යවරුන් හා හෙදියන් දිරි ගන්වන්න බැල්කනිවලට ගොඩ වුණු, බොලිවුඩයේ සුපිරි තරු
Monday, 23 March 2020 - 9:11 | Views - 3,680
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින්ට සිය කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන්, විනාඩි 10ක කාලයක් ශබ්ද නඟන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පිරිසට සහය දැක්වීම වෙනුවෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ඔවුන්ගේ බැල්කනිවල සහ වහලවල් මත සිට මෙසේ විනාඩි දහයක කාලයක් හඬ නැඟුවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා සිය නිවෙස්වලට කොටු වී සිටිනවා.

කෙසේ වෙතත්, බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් පවා මෝදිගේ ඉල්ලීම මත ඔවුන්ගේ සහය වෛද්‍යවරුන් හා හෙදියන් වෙනුවෙන් පළ කර ඇත්තේ මේ ආකාරයෙනුයි.

ඔවුන් සිය ට්විටර් හා ඉන්ස්ටර්ග්රෑම් ගිණුම් ඔස්සේ එම අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

කොරෝනා මධ්‍යයයේ රාජකාරි කරන කම්කරුවන්ට අත්පොළසන් නැඟීම සඳහා සුපිරි නළු අමිතාබ්ද බච්චන් ඇතුළු පවුලේ පිරිස් මුම්බායිහි පිහිටි ඔවුන්ගේ නිවසේ වහළය මත නැඟ සිටියා.

රන්වීර් සිං සිය බිරිය වන සුපිරි නිළි දීපිකා පදුකෝන්ගේ ඡායාරූපයක් එක් කරමින් සඳහන් කර තිබුණේ "අපගේ වීරයන්ට ස්තුතියි" යනුවෙනුයි.

බොලිවුඩයේ ප්‍රසිද්ධ තරුවක් වන ශිල්පා ශෙට්ටිද ඇගේ බැල්කනියේ කුඩා සීනුවක් අතැතිව ශබ්ද කරමින් සිය කෘතවේදීත්වය පළ කරනු ලැබුවා.




Image result for shilpa shetty Bollywood celebrities cheer from their balconies as they observe
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top