ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ?
Sunday, 22 March 2020 - 8:09 | Views - 680
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා වෛරසය පාලනයට හොඳම මඟ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එසේ නම් ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ?

මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්.

කොරොනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ මූලිකම සහ ප්‍රධානතම ක්‍රමවේදයන් ලෙසින් සෞඛ්‍ය අංශ හදුන්වා දෙන්නේ මුඛ ආවරණ පැළදීම සහ නිවැරදි දෑත් සේදීමයි.

ඔබ දන්නවා ද?

කොරෝනා වෛරසයේ මේදය සංඝටකයක් පවතින නිසා සැඩ ජල පහරකින් හෝ උණුසුම් ජලයෙන් දෑත් සේදු පමණින් ඔබේ දෑත් වලින්ල රෝගකාරක විෂබීජ ඉවත් වන්නේ නැහැ.

ජලයට තෙල් බින්දුවක් දැමුවිට තෙල් ජලයේ පාවෙනවා.

නමුත් සබන් යෙදූවිටල සබන් ජලය සමඟ ක්‍රියා කරනවා.

එයට හේතුව සබන් තුළ දෙයාකාර අණු දෙකක් ඇති නිසායි.

අණුවේ එක් කෙළවරක් ජලයට ආකාර්ෂණය වන අතර අනෙක් කෙළවර ආකර්ෂණය වන්නේ මේදවලටයි.

එවිට සබන් අණු ජලය සමඟ ස්පර්ෂවන විට මෙම අණු දෙක මේදය ඉවතට ඇද දමනවාග එහි තෙල් කොටස වට කොට වතුරට විසිරුවා හරිනවා.

කොරෝනා වෛරසයද සබන් සමඟ ගැටුණු විට වෛරසයේ ඇති මේදය සබන් මගින් ඉවතට ඇද ගන්නවා.

එසේනම් ජලය සමඟත් ලතෙල් සමගත් ක්‍රියා කරනල සබන් භාවිතා කර ජලයෙන් දෑත් සේදීම අපට අනුගමනය කළ හැකි ලාභදායීල ආසාදන පාලනයෙන් එකක් වන අතර එය වඩාත් ඵලදායී ද වනවා.

එසේම කොපමණ වේලාවක් සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුද ?

සෞඛ්‍ය අංශවලට අනුව අවම වශයෙන් තත්ත්පර 20ක්වත් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි.

මෙලෙස සබන් යොදා නිවැරදි ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීම කොරොනා පමණක්  නොව තවත් බෝ වනරෝග රැසකින් ආරක්ෂාවීමට ඔබට ඇති ලාභම සහ පහසුම දෙයක්.

එසේනම් වෛරසයේ ඉරණම රැදී ඇත්තේ ඔබගේ දෑත්වලයි.

නිවැරදි ලෙසින් දෑත් සෝදා වෛරසය ඉවත් කරන්නේදැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top