ෂාරුක්ගේ අලුත්ම සිනමා පෙම්වතිය කරීනාද?
Thursday, 12 March 2020 - 11:27 | Views - 1,277
කාලයකට පසුව බොලිවුඩ් චිත්රපටයක් සඳහා එක්වීමට මේ වනවිට සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් තිරණයකර තිබේ.
ඒ ප්රකට සිනමා අධ්යක්ෂවරයෙකු වූ රාජ්කුමාර් හිරූණි විසින් නිර්මාණය කරන්නට සූදානම්න් සිටින ඔහුගේ අලුත්ම චිත්රපටය සඳහාය.
වාර්තා වන අන්දමට මෙහි ෂාරුක් ඛාන් සමගින් ප්රධාන නිළි චරිතයට එක්වීමට සූදානමින් සිටින්නේ බොලිවුඩ් චිත්රපටයක් සඳහා ඉහළ අය කිරීමක් කරන සිනමා නිළියක් වන කරීනා කපූර්ය.
මීට පෙරද ‘රාවන්’, ‘අශෝක්’ ඇතුළු බොලිවුඩ් චිත්රපට කිහිපයක් සඳහාම ෂාරුක් සමගින් කරිනා රංගනයෙන් දායක වී තිබුණි.
Share This Article