ආදර කතා ඇතුළත් චිත්‍රපට ප්‍රතික්ෂේප කරන විජේ
Wednesday, 11 March 2020 - 16:20 | Views - 1,444
අතිශය ජනප්‍රිය වූ ‘අර්ජූන් රෙඩ්ඩි’ හරහා ඉන්දීය සිනමාවේ ජනප්‍රිය සිනමා තරුවක් බවට පත් වූ විජේ දේවර්කොන්ඩා මේ දිනවල පිරූ ජාගන්නාදන්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘ෆයිටර්’ චිත්‍රපටයට සම්බන්ධව සිටිනවා.
ඔහු මෙම චිත්‍රපටයේ පෙනී සිටින්නේ ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි අනන්‍යා පාණ්ඩේ සමගින්.
මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුරදී එක්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ,විජේ පවසා තිබුණේ මින් පසුව තමා ආදර කතා ඇතුළත් චිත්‍රපට ප්‍රතික්ෂේප කරන බවයි.
"මගේ රුචිකත්වය වෙනස් වුණා. මින් ඉදිරියට මම බොහෝ විට අර්ථවත් ක්‍රියාදාම චිත්‍රපට සඳහා බොහෝවිට සම්බන්ධ වේවි." විජේ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
Share This Article