හැමදාමත් නැවුම් වූ වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කරන හිරු TV, ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට තිළිනකරන නවතම හඬකැවූ නාට්‍යමාලාව "තාමත් ආදරේ නැත්නම්" අද දිනයේ විකාශය කෙරෙනවා.
ලාංකීය ටෙලිවිෂනයේ ප්‍රථම වරට තුර්කි නාට්‍යයක් සිංහලෙන් හඬකවා "තාමත් ආදරේ නැත්නම්" ලෙසින් ප්‍රේමණීය පෙබරවාරියේ සිට සතියේ දින පහේම රාත්‍රී 9.25ට හිරු ටෙලිතිරයේ විකාශය වනවා.
වෙනසක් සොයමින් සිටි ප්‍රේක්ෂකාගාරයට රූපයේ නැවුම් රිද්මය පිරි වෙනසක් සහිතව මවුබසින් රසගන්වා ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සූදානම්ව සිටිනවා.
තරුල් සහ නතාෂා අතර ගොඩනැගෙන ආදර සබඳතාවයක් කේන්ද්‍ර කරගනිමින් නිරූපන ක්ෂේත්රයේ නිෂ්පාදන ආයතනයක් තුළ මේ අපූරු ආදර කතාව දිගහැරෙනවා.
විශේෂයෙන්ම ජීවිතයට අලුත් රැකියාවක් සොයන දඟකාර කටකාර නතාෂා සහ ආයතන ප්‍රධානියෙක් වන තරුල් අතර ඇතිවන මුරණ්ඩු සබඳතාව ආදරයක් දක්වා දළුලන අපූරුව තාමත් ආදරේ නැත්නම් තුළින් අද සිට හිරු තිරයෙන් දැක බලාගැනීමේ හැකියාව හිරු ප්‍රේක්ෂක ඔබට උදාවී තිබෙනවා.
දැනුනත් ආදරේ නොකියන ආදරේ විතරක්ම ඉල්ලන තාමත් ආදරේ නැත්නම් හිරු තිරයේ ලියැවෙන නවතම මව්බසින් රස කැවූ ප්‍රේමණීය තුර්කි නාට්‍ය මාලාව හිරු TV නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආදරයෙන් තිළින කරනවා.
"තාමත් ආදරේ නැත්නම්" තේමා ගීතය පහතින් බලන්න