Sydney Smith කියන වයස අවුරුදු 29 ක ඇමරිකානු තරුණිය කුඩා කල සිටම ජිරාෆ් සත්වයින්ට තිබුණු ආදරය නිසා ආනාගතයේදී ජිරාෆ් කෙනෙක් වීමේ සිහිනයෙන් තම ගෙල දිගු කරගන්න උත්සහ ගෙන තිබුනා.
ඒ වෙනුවෙන් ඇය වසර 5 ක කාලයක් පුරාවට යකඩ වළලු ගෙලේ පැළඳගෙන සිට ඇති අතර වසර 5 කට පසුව තම ගෙල සැලකියයුතු ප්‍රමාණයකින් දිගු වී ඇතැයි බලාපොරොත්තු වුවද ඇයගේ වසර 5 ක මහන්සිය අපතේ යවමින් ඇගේ ගෙල සාමාන්‍ය කෙනෙකුගේ ගෙලෙහි දිගට සමාන දිගකින් යුක්ත වුවා.
නමුත් ඇය පවසන්නේ ඇගේ උත්සාහය සාර්ථක වූ බවයි. ජිරාෆ් ගැහැණු සතෙකු ලෙස ජිවත් වීමට තිබු ඇයගේ සිහිනය පසුපස ඇය තවමත් හඹා යන නමුත් බොහෝ දෙනා ඇයව හාස්‍යයට ලක් කරමින් එය නිෂ්ඵල ක්‍රියාවක් බව පවසා සිටිනවා.