ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාටත් මාරාන්තික කොරෝනා වෛරසය වැළඳෙයි
Tuesday, 25 February 2020 - 19:19 | Views - 354
ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාටත් මාරාන්තික කොරෝනා වෛරසය වැළඳෙයි "
ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ඉරානයේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2704 ක් වන අතර, ලොව පුරා වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 80,289 ක්.

රටවල් 26 කින් ආසාදිත මරණ වාර්තාවන අතර, ඉන් 2666 ක් වාර්තාවී ඇත්තේ චීනයෙන්.

එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 77,739 ක් වන අතර, වෙනත් රටවලින් මේ වනවිට කොවිඩ් - 19 ආසාදිතයින් 2300 ක් හමුවී තිබෙනවා. ගතවූ පැය 24 තුළ චීනයෙන් වාර්තාවී ඇත්තේ නව ආසාදිතයින් 5008 ක් පමණයි.

චීනයෙන් පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දකුණු කොරියාවෙන් වාර්තාවන අතර, ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 66 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ දකුණු කොරියාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 977 ක්.

එරටින් මරණ 10 ක් සිදුව තිබෙනවා. වෛරසය සීග්‍රව ව්‍යාප්තවන තේගු නගරයේ ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකු පමණ ජීවත්වන අතර, කිසිදු ශ්‍රී ලාංකිකයෙකු වෛරසයට ගොදුරුවූ බවට මෙතෙක් වාර්තාවී නැහැ.

ඉතාලියේ කොරෝනා වෛරස ආසාදිතයන් 270 දක්වා ඉහළ ගොස්  ඇති අතර, සිදුව  ඇති මරණ සංඛ්‍යාව 7ක්.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වැනිතෝ සහ ලොම්බාඩියා ප්‍රාන්ත දෙකටයි.

එම ප්‍රාන්තවලින් මරණ වාර්තාවීමත් සමඟ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයට සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පිරිසේ වැඩිවීමක් සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

මේ අතර කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද සවස 6.30 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව තිබුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 645 Views
Top