වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා මගී බෝට්ටු ප්රවාහන සේවාව මෙම මස 11 වනදා සිට
Tuesday, 25 February 2020 - 16:43 | Views - 570
වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා මගී බෝට්ටු ප්රවාහන සේවාව මෙම මස 11 වනදා උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බව ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් R W සොයිසා පැවසුවා.
ඉඩම් සංවර්ධන සංස්ථාවට අනුබද්ද LRDC පුද්ගලික සමාගම විසින් මෙම බෝට්ටු ප්රවාහන සේවාව ක්රියාත්මක කරනු ඇති.
අදාළ බෝට්ටු සේවය ක්රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ඇති ඇල මාර්ගය ඔස්සේයි.
ඒ අනුව වැල්ලවත්තෙන් උදෑසන 6.50 සිට පෙරවරු 9.00 දක්වා බත්තරමුල්ල දියත උයන වෙත මිනිත්තු 15කට වරක් මෙම බෝට්ටු ධාවනය කිරීමට නියමිතයි.
එසේම සෑම දිනකම පසවරු 4.00 සිට රාත්රී 7.00වන තෙක් මෙම බෝට්ටු සේවාව ක්රියාත්මක වනු ඇති.
මේ අතර එම බෝට්ටු වායු සමනය කර තිබීමද විශේෂත්වයක්.
අදාළ බෝට්ටු සේවය භාවිත කරමින් මගීන්ට මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් තුලදී වැල්ලවත්ත සිට බත්තරමුල්ලට ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.
සහනදායි ගාස්තු අයකිරීමක් යටතේ මෙම සේවාව මගී ජනතාවට ලබාගතහැකි බවයි LRDC පුද්ගලික සමාගමේ කළමනාකාරණ අධ්යක්ෂ විශ්රාමික රියර් අද්මිරාල් H අමරවීර පැවසුවේ.
විශ්රාමික නාවික හමුදා නිලධාරීන් විසින් මෙම බෝට්ටු සේවය ක්රියාත්මක කිරීම විශේෂත්වයක්.
Share This Article