රෝහලෙන් රැගෙන ගිය වයෝවෘද්ධ මව නැවතත් මහමඟ දමා දියණිය පැනගිහින්
Tuesday, 25 February 2020 - 14:10 | Views - 1,798
ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ මගමග කුඩා කඩ කමරයක් තුළ දමාගොස් සිටි වයෝවෘද්ධ මවක් ප්‍රදේශවාසීන් විසින් 22 දා දහවල් සොයා ගෙන ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
කරන්දෙණිය, කිරිපේද්ද පාසැල අසල කුඩා කඩ කාමරයක දමාගොස් සිටියදී මෙම මව සොයාගෙන තිබේ. එම වයෝවෘද්ධ මව ප්‍රකාශ කරන්නේ තමන්ගේ උදේශිකා දියණිය විසින් තමන් මෙම ස්ථානයට ගෙනවිත් දැමූ බවයි. අදාළ මව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරන මොහොතේ ඇය ”අනේ හොඳයි, අනේ හොඳයි’ යනුවෙන් පවසමින් එය අගය කර තිබෙන අතර මව ඉතා හොඳ සිහි බුද්ධියෙන්ද පසුව ඇත.
මෙම වයෝවෘද්ධ මව 2020 ජනවාරි 22 දින යම් රෝගී තත්ත්වක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මතුගම, වෑත්තෑව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අනාවරණය කර ගැනීමට හැකිවිය.
රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම මව වෑත්තෑව රෝහලින් කළුතර, නාගොඩ මහ රෝහලට මාරුකර යවා තිබෙන අතර ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත වෑත්තෑව රෝහලට මාරුකර එවා තිබේ.
පසුව මෙම මව රැගෙන යෑමට කිසිවෙකුත් පැමිණ නොමැති අතර ඒ බව මාධ්‍ය මගින්ද ප්‍රචාරය කර තිබේ.
පසුව 22 දා පෙරවරුවේ සිය දියණිය පැමිණ මව වෑත්තෑව රෝහලින් රැුගෙන ගොස් තිබෙන අතර පසුව කරන්දෙණිය, කිරිපේද්ද ප්‍රදේශයේ දමාගොස් තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.
Share This Article