හංසයා ලකුණ ගැන තීරණය කරන්න, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විධායක සභාව කැදවයි
Tuesday, 25 February 2020 - 12:59 | Views - 259
හංසයා ලකුණ හිමි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විධායක සභාවේ රැස්වීමක් ලබන ඉරිදා කැඳවා තිබෙනවා.
එහි ලේකම් ෂර්මිලා පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ 60 දෙනෙකුගෙන් සමන්විත තම පක්ෂයේ විධායක සභිකයින් ඊට සහභාගි වීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, එහිදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු මාධ්‍යයට අනාවරණ කළ නොහැකි බව ඇය කියා සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරණ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ලකුණ මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ පවතින හංසයා ලකුණෙන් තරඟ කිරීමට ද යෝජනා වී තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හංසයා ලකුණ වෙනස් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන ඉරිදා පැවැත්වෙන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විධායක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඊයේ පස්වරුවේ කොළඹ දී සාකච්ඡාවක් පැවැත්වුණේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් හෙට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Share This Article