දඹුල්ල - මාතලේ ප්රධාන මාර්ගයේ නාලන්ද ප්රදේශයේදී සිදුවූ අනතුරකින් දස හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක්, මහනුවර - මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් බස් රථ දෙකෙහි සහ කන්ටේනර් රථයේ රියදුරන් ඇතුළු පුද්ගලයින් 40කට වැඩි පිරිසක් තුවාල ලබා නාලන්ද රෝහලට සහ මාතලේ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.