රෑට නාන්නේ බලාගෙනයි
Friday, 21 February 2020 - 10:46 | Views - 3,471
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම නිසාම ගොඩක් ලෙඩ රෝගවලට මුහුණුපානවා. තෙත්ව හිස කෙස්  සමග නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත් මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්නට තරම් හොඳ හේතු කිහිපයක්

තෙත කොණ්ඩය නිසා ඔබට විය හැකි මේ අතුරු ආබාධ ගැන ඔබ දැනුවත් වීමෙන් පසුව වෙනදාට වඩා තරමක් හෝ හොඳින් හිසකෙස් වේළාගෙන නින්දට යාම වඩාත් හොඳයි කියා ඔබම තීරණය කරයි.

කෙස් අග පැලීම

ඔබ නින්දේ සිටින අතර හිස කොට්ටය මත එහා මෙහා කිරීමේදී කෙස් හා කොට්ට උරය එකට ඇතිල්ලීමෙන් බොහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම සිදු විය හැකියි.

බැක්ටීරියා ආසාදනයට ලක්වීම

ඔබගේ දහදිය, සමෙන් නිකුත් වන තෙල් හා මැරුණු සෛල, කොට්ට උරය මත තැවරෙන නිසා කොට්ටය කියන්නේ බැක්ටීරියා වර්ධනයට ඉතා හොඳ පරිසරයක්. එයට ඔබගේ තෙත් වූ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මේ හේතුවෙන් ඔබගෙග් හිස බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වර්ධනය කරනවා.

රාත්‍රිය මැද දී හිසරදය ඇතිවීම

තෙත කොණ්ඩය සමඟ නින්දට යාමේදී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇතිවෙන්න පුළුවන්.

එසේ සිදුවන්නේ, ඔබ නින්දේ මුල් අවධියේ සිටින විට ඔබගේ කාමර උෂ්ණත්වයට සරිලන ලෙස ශරිරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීළඟ අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වාභාවිකව වැඩිවීමයි.

ඔබගේ ශරීර උෂ්ණත්වයේ සිදුවන මෙම වෙනසට අනුව තෙත් වූ හිසේ උෂ්ණත්වය වෙනස් වීම සිදු නොවන නිසා රාත්‍රිය පුරාම දැඩි හිසරදයකට ලක්වීමට වැඩි ඉඩක් තිබෙනවා.

රත්‍රියේ නෑමෙන් පසුව හිස හොඳින් වේළාගෙන නින්දට යන්න පුළුවන් නම් මෙවැනි අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට ලක් නොවි ඉන්නට ඔබට පුළුවන්.




Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top