"යන්න එපා කියද්දිම තමයි ගිහින් විහින් ජීවිත විනාශ කරගත්තේ.." - ඊයේ සවස බදුල්ලම කම්පා කරමින්, දරුවන් සිව්දෙනෙකුට මරු කැඳවූ පාසලේ අධ්‍යාපන චාරිකාව - Video
Thursday, 20 February 2020 - 21:08 | Views - 867
අධ්‍යාපන චාරිකාවක් අතුරතුර ත්‍රිකුණාමලය, මැදවච්චිය වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් 04 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
 
දියේ ගිලුණු තවත් සිසුන් 03 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. මෙම ඛේදනීය ඉරණමට ගොදුරු වී ඇත්තේ හාලිඇලි, ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක්.

හාලිඇල, ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 68 දෙනෙකු හා ගුරුවරුන් 07 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගී වී තිබෙනවා.
 
ඔවුන් පොලොන්නරුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව රාත්‍රී නවාතැන් ගැනීමට පැමිණ තිබුණේ ගෝමරන්කඩවල - මැදවච්චිය, සුරුළු මහමුනියාව රජමහා විහාරස්ථානයටයි.
 
විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සිසුන් පිරිස දියනෑම සඳහා මැදවච්චිය වැව වෙත ගොස් තිබෙනවා.
 
සිසුන් පිරිසක් වැව් ඉස්මත්ත මත සිටියදී දියනෑම සඳහා වැවට බැස සිටි සිසුන් 7 දෙනෙක් දියේ ගීලී අනතුරට ලක්වුණා.
 
ඉන් සිසුන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
යුද හමුදාව, පොලිසිය හා ගම්වාසීන් එක්ව සිසුන් 3 දෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළා.
 
තවත් ගම්වාසියෙකු පැවසුවේ දියනෑම සදහා ආරක්ෂිත ස්ථානයක් පෙන්වා සිටියදී ඔවුන් අනාරක්ෂිතව දියනෑම සඳහා වැව වෙත ගමන් කළ බවයි.
 
චාරිකාවට එක් වු නියෝජ්‍ය විදුහල්පතිවරයා සිද්ධිය පිළිබද මෙලෙස අදහස් පළ කළා.
 
දියේ ගිලීමෙන් මියගිය සිසුන්ගේ මෘත ශරීර යුද හමුදාව හා පොලිසියේ මැදිහත්වීමෙන් ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ රාත්‍රියේ ගෙන එනු ලැබුවා.
 
දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ 15 හැවිරිදි අනුහස් සමාධි, උමේෂ් ශිහාර, නෙතික සන්ජිත්, අනුෂ අන්ජන යන සිසුන් සිව්දෙනායි.
 
මෙම අනතුර පිළිබඳ සැලවීමත් සමඟ සිසුන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඊයේ රාත්‍රියේ ඌව විද්‍යා විද්‍යාලය වෙත පැමිණ සිටියා.
 
අද පෙරවරුවේ රෝහල වෙත පැමිණි දෙමාපියන් හා ඥතීන් මියගිය දරුවන්ගේ සිරුරු හඳුනා ගත්තා.
 
මියගිය සිසුන් බදුල්ල ඇටම්පිටිය, හාලි ඇළ, නුවරගමුව, ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
 
පොලිසිය අද පෙරවරුවේ ඌව විද්‍යා විද්‍යාලය වෙත පැමිණ සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කළ අතර එහිදී පාසලේ ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන්ට බාධා කළා.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්. රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top