ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ස්පීල්බර්ග් දියණියගේ අලුත්ම වැඩේ
Thursday, 20 February 2020 - 16:48 | Views - 206
ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුන ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඔහුගේ බිරිඳ නිළි කේට් කැප්ෂෝ දරුකමට හදාගත්ත 23 හැවිරිදි දියණිය මයිකෙලා ළඟදි දවසක සම්මුඛ සාකච්ඡාවක් හරහා කියපු එක්තරා කතාවක් මේ වෙද්දී ලෝකය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියනවා.

තමන් මේ වෙද්දි නිල් චිත්‍රපට නිලියක් විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතය අරඹලා තියනවා වගේම පියා ස්ටීවන් ඇයගේ මේ වෘත්තීය තේරීමට ලොකු සහයෝගයක් දෙනවා කියලත් එහිදී ඇය කියනවා. තමන් පුංචි කාලේදී ලිංගිකව අපයෝජනයට ලක්වුණ කෙනෙක් කියල කිසිම පැකිලීමක් නැතුව මාධ්‍ය ඉස්සරහ ඇය කියපු කතාව අහලා හැමෝටම ඇතිවෙන්නේ පුදුමයක්.

මේ වෙද්දී ඒකල අසභ්‍ය වීඩියෝ නිර්මාණය කිරීම ආරම්භ කරලා තියනවා වගේම ඉදිරියේදී වැඩිහිටි විනෝදාස්වාද බලපත්‍රයක් ලබාගෙන වෘත්තිමය මට්ටමින් එය සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවක් තමයි ඇය තවදුරටත් කියන්නේ. ඇය එහෙම solo porn videos පමණක් කරන්නත් කැමරාව ඉදිරියේ වෙනත් අයෙකු සමග ලිංගිකව හැසිරෙන්නේ නැතිව ඉන්නත් හේතුවුණ තවත් විශේෂ කතාවක් මේ සාකච්ඡාව අතරතුරදී එලියට එනවා. ඒ තමන්ගේ පෙම්වතා වුන 47 හැවිරිදි චක් පැන්කෝව්ට ගරු කිරීමක් වශයෙන් වගේම ඇගේ මේ වෘත්තීය ජිවිතයට ඔහුගෙන් ලැබෙන සහයෝගයත් ඉතා විශාල එකක් කියල දැනගන්න ලැබෙනවා. ඔවුන් දෙදෙනා මේ වෙද්දී විවාහ ගිවිසගෙනයි ඉන්නේ.     

ළදරුවෙක්ව සිටි කාලයේදීම ඇයව දරුකමට හදාගන්නට ගත් 73 හැවිරිදි ස්පීල්බර්ග් සහ 66 හැවිරිදි බිරිඳ කේට් කැප්ෂෝ මයිකෙලාගේ වෘත්තිය තේරීමට ලොකු සහයෝගයක් දෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. “මගේ ආරක්ෂාව සෑමවිටම ඔවුන්ට අංක එකේ ප්‍රමුඛතාවය වී තිබෙනවා" ඇය තමන්ගේ දෙමව්පියන් ගැන ආඩම්බරයෙන් එහෙම කියනවා.     

තම ආත්මය තෘප්තිමත් නොකරන' වඩාත් සාම්ප්‍රදායික රැකියාවක නිරත වීමෙන් කලකිරීමට පත්වන්නට අකමැති බවයි අගේ අදහස. "මම මෙය කරන්නේ කිසිවෙකුට රිදවීමට හෝ ඒ ගැන ද්වේෂ කිරීමට නෙමෙයි. මගේ ශරීරයට වාසිදායක අයුරින් ගෞරව කිරීමට මට අවශ්‍ය නිසයි." ඇය අවසන් වශයෙන් එහෙම කියනවා.
Image result for Steven Spielberg
Image result for steven spielberg daughter


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top