කන කසන්න බලපාන හේතු
Thursday, 20 February 2020 - 8:15 | Views - 1,075
කෙතරම් මිහිරි හඬක් වුව එය අපට ඇසෙන්නේ නැත්තම් පලක් නැත. ඒ නිසා කන නිරෝගීව පවත්වාගෙන යාමට අප කොයි කවුරුත් අවධානය යෙමු කළ යුතුය. අපගේ කන බාහිර, මැද සහ අභ්‍යන්තර ලෙසත් කොටස් තුනකට බෙදී ඇත
 
 බාහිර කන
 
 කන්පෙත්ත සහ කන් බෙරය දක්වා වූ කොටස බාහිර කන ලෙස හඳුන්වනු ලැබේ. බාහිර කන පැසවා සැරව ගැලීමේදී තද වේදනාවක් දැනේ.
 
 මැද කන
 
 කන්බෙරය, ශංඛත අස්ථිය, මැද කනේ අස්ථි සහිත ප‍්‍රදේශය මැද කන ලෙස හඳුන්වයි.
 
 මැද කන පැසවා කන් බෙරයේ ඇති සිදුරක් තුළින් පිටතට සැරව ගලන විට වේදනාවක් නොදැනේ.
 
 මෙම පැසවීම භයානකය. මන්දයත් මැද කනේ ආසාදනය ඒ අසල ඇති මොළයට පැතිර යෑමේ අවදානමක් පවතී. ඒ නිසා කිසිම වේදනාවක් නොමැතිිව මැද කනෙන් සැරව ගලායන විට ඉතා ඉක්මනින් ප‍්‍රතිකාර ලබාගත යුතුය.
 
 අභ්‍යන්තර කන
 
 අර්ධ වක‍්‍රාකාර නාළ, හත්වැනි කපාල ස්නායුව, අටවැනි කපාල ස්නායුව, කර්ණ සංඛය, යුස්ටෙකීය නාළය අභ්‍යන්තර කන තුළ පිහිටා ඇත.
 
 කන තදින් කැසීම
 
 බාහිර කනේ බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් ඇතිවූ විට කන තදින් කැසීමට ලක්වේ.
 
 දියවැඩියාව රෝගීන්ට කනේ ආසාදන ඇතිවීමේ ඉඩකඩ වැඩිය.
 
 බාහිර කනේ ආසාදන ඇතිවන තවත් හේතුවක් වන්නේ කපු පුළුන් කූරු :ක්‍දඑඑදබ ඉමාි* යතුරු, පෑන්, කුරුළු පිහාටු, පත්තර කැබලි ආදිය උපයෝගී
 
රගෙන කන කැසීමේදීය. ඉන් කනේ සම මත තුවාල වීම ඇතිවී විෂබීජ ඇතුළු වී කන පැසවයි.
 
 වැව්, පොකුණු, ආදියෙන් ස්නානය කළ විටද කන කැසීම හටගනී. එසේ වන්නේ එම ජලයෙහි ඇති දිලීර වර්ග නිසාය.

suwa1 5

 
 හිස්හොරි ඇති අයගේ බාහිර කනේ සමටද එය ඇතිවිය හැකිය. එවිටද කන කසයි.
 
 ඩයි ආලේප කිරීම නිසාද අසාත්මිකතා ඇතිවී කන කැසීමට පිළිවන. ඒ නිසා හිසකෙස් වර්ණවත් කිරීම සඳහා ඩයි පාවිච්චි කරනවිට කනට ඇබයක් ගසාගන්න.
 
 කනේ ආසාදනයට ප‍්‍රතිකාර
 
 වෛiවරයා විසින් රෝගියා පරීක්ෂා කර කනේ ආසාදනයට හේතුව හඳුනාගෙන ඊට අදාළ ප‍්‍රතිකාර ලබාදේ. එහිදී කන දිනකට තෙවරක් පිරිසිදු කර බෙහෙත් බිංදු දැමීම සහ ප‍්‍රතිජීවක ඖෂධ පානයට ලබාදේ.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top