ඇසේ සුද වළක්වා ගන්නා අයුරු
Thursday, 20 February 2020 - 8:13 | Views - 544
වර්තමානයේ අක්ෂි කාච බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් ඇත. විනාඩි කිහිපයකින් එම සැත්කම සිදුකරන අතර කිසිදු මැහුම් දැමීමක්ද සිදු නොකරයි
 
 ඇසේ සුද (cataract) ඇතිවීම සඳහා වර්තමානයේ බලපාන ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ අව් කණ්ණාඩි පළඳින්නේ නැතිව වැඩි කාලයක් අව්වේ සිටීමයි
 
 මෙලෙස දිගු කාලයක් ඇස හිරු එළියට නිරාවරණය වීමෙන් ඇසේ කාචය ඝණවීමට ලක්වේ
 
 මෙම ප‍්‍රධාන හේතුවට අමතරව දියවැඩියාව ද ඇසේ සුද ඇතිවීම සඳහා බලපාන තවත් එක් හේතුවක් වී තිබේ ඇසේ සුද නිසා ඇස්පෙනීම දුර්වල වන්නේ ඇසේ කාචය බොහෝසේ දුර්වල වූ විටදීය
 
 ඇසේ සුද (cataract) ඇතිවීම සඳහා වර්තමානයේ බලපාන ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ අව් කණ්ණාඩි පළඳින්නේ නැතිව වැඩි කාලයක් අව්වේ සිටීමය. අප වැනි ඝර්ම කලාපීය රටවල ජීවත්වන ජනතාවට ඇසේ සුද ඇතිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ හිරු එළියට ඇස කෙළින්ම වැඩි කාලයක් නිරාවරණය වී තිබීමය. එනිසා එම එළියේ ඇති පාරජම්බුල කිරණ ඇසේ කාචය හරහා ගමන් කිරීමෙන් එම කාචය තැම්බීමට ලක්වේ. මෙලෙස දිගු කාලයක් ඇස හිරු එළියට නිරාවරණය වීමෙන් ඇසේ කාචය ඝණවීමට ලක්වේ. එවිට හිරු එළිය ඇසේ කාචය හරහා දෘෂ්ටිවිතානය වෙත ගමන් කිරීමට බාධා වීමෙන් පෙනීමේ දුර්වලතා ඇතිවේ. මෙවැනි අවස්ථාවලදී බොඳවී පෙනෙනවා යැයි කියා මෙවැනි අය පවසති.
 
 මෙම ප‍්‍රධාන හේතුවට අමතරව දියවැඩියාව ද ඇසේ සුද ඇතිවීම සඳහා බලපාන තවත් එක් හේතුවක් වී තිබේ. ඊට අමතරව ගැබිනි සමයේදී මව රුබෙල්ලා එන්නත ලබා නොගැනීම ,ඇසට දැඩි පහරක් එල්ලවීම සහ ආතරයිටීස් , ඇදුම, මානසික අවපීඩනය වැනි රෝග සඳහා ස්ටිරොයිඞ් වර්ගයේ ඖෂධ දිගුකාලයක් ගැනීම නිසා එහි අතුරු ආබාධයක් ලෙස ද ඇසේ සුද මතුවේ.
 
 ඇසේ සුද (cataract) වළක්වා ගැනීම
 
 වර්තමානයේ ඇසේ සුද ඇතිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇති හිරු එළියට කෙළින්ම වැඩිකාලයක් නිරාවරණය වීම පාලනය සඳහා මෙම අවදානමට ලක්ව සිටින අය ලෙස සලකන රථවාහන පාලන පොලිස් නිලධාරීන් , යතුරු  පරිහරණය කරන්නන්, එළිමහන් ක‍්‍රීඩා පිටිවල ක‍්‍රීඩා කරන්නන්, එළිමහනේ රැුකියා කරන්නන් ආදීන් ප‍්‍රමිතියෙන් යුත් අව් කණ්ණාඩි පැළඳ සිය කටයුතුවල නිරත විය යුතුය.
 
 දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් තම රෝගය පාලනය කරගත යුතුය.
 
 ඇසේ සුද නිසා ඇස්පෙනීම දුර්වල වන්නේ ඇසේ කාචය බොහෝසේ දුර්වල වූ විටදීය.එවිට එම අක්ෂි කාචය ඉවත්කර නව කාචයක් බද්ධ කරගත යුතුය. වර්තමානයේ අක්ෂි කාච බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් ඇත. විනාඩි කිහිපයකින් එම සැත්කම සිදුකරන අතර කිසිදු මැහුම් දැමීමක්ද සිදු නොකරයි.
 
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top