තරුණියන් සේ පෙනී සිටි හමාස් සටන්කාමී පිරිසක් ඊශ්‍රායල් සෙබලුන්ව හැක් කරලා
Wednesday, 19 February 2020 - 8:34 | Views - 530
හමාස් සටන්කාමී පිරිස් අවධානය දිනාගන්නා තරුණියන් පිරිසක් ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායල් සොල්දාදුවන් විශාල පිරිසකගේ ස්මාට්ෆෝන් හැක්කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ප්‍රකාශකයෙකු සඳහන් කළේ සොල්දාදුවන්ට තරුණ ගැහැණු ළමයින්ගේ ව්‍යාජ ඡායාරූප යවා ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඔවුන්ටත් නොදැනෙන සේ ඇතුළු වී එහි දත්ත ඩවුන්ලෝඩ් කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය අනාවරණය වනවිට සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් පිටතට නොගිය බව ඊශ්‍රායලය පවසයි.
ගාසා තීරය පාලනය කරන හමාස් සහ ඊශ්‍රායලය එකිනෙකා සලකන්නේ අතිශය මාරාන්තික සතුරන් ලෙසය.
Share This Article