මේ දිනවල පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා එළියට යන ජනතාවට විශේෂ දැනුම්දීමක්
Monday, 17 February 2020 - 16:20 | Views - 310
මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක් නිසා පාසල් යන දූ දරුවන් පමණක් නොව එළිමහනේ වැඩ කරන ය පවා ඒ ගැන සැලකිලිමත් වන්නැයි බස්නාහිර පළාත් ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී එස් .කේ. සංජීවනී සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

"මේ දිනවල පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා දැඩි හිරු රශ්මියක් පවතිනවා. මේ නිසා විඩාව ගෙනදෙන, දහදිය දමන බාහිර ක්‍රියාකාරකම්වලට සුදුසු නෑ. ක්‍රීඩාව විතරක් නෙමේ, පාරවල්වල ආදී වැඩකරන අයටත් මෙය අදාළයි. පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවවල පිටියේ ක්‍රීඩා තරග මෙම දැඩි අව් රශ්මිය නොමැති කාලසීමාවේ යොදාගෙන දින කිහිපයක් එම උත්සව පැවැත්වීම වගේ විකල්ප අනුගමනය කරන්න පුළුවන්. මාර්තු අවසන් වනතුරු සැලකිය යුතු වර්ෂාවක් අපේක්ෂා කරන්න බැහැ "

" මේ නිසා එළිමහනේ ක්‍රීඩා කරන, වැඩ කරන ය හොඳින් ජලය භාවිත කළ යුතුයි. නැත්නම් ශරීරය සිසිල් කරන පාන වර්ග ගත යුතුයි. කොමඩු, කැකිරි, නෙල්ලි, ගස්ලබු යුෂ, තැඹිලි ආදිය වැඩිපුර පානය කරන්න පුළුවන් නම් හොඳයි.  හැකි තරම් දරුවන් වගේම වැඩිහිටියන්ද පිරිසිදු ජලය අවම වශයෙන් ලීටර් එකහමාරක් හෝ පානය කිරීම සුදුසුයි"
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top