පුතාගේ ඇහැට බේත් දාන්න යතුරු පැදිය පදවාගිය මව ටිපර් රියක වැදී මරුට- පුතුට තුවාල
Monday, 17 February 2020 - 15:26 | Views - 1,334
අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සය හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පනාගොඩ දැඩිගමුව වැලිකඩයාවත්ත අංක 321/F හි පදිංචි අශෝකා රත්නමාලී (36) නම් දෙදරු මවක බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව තම සය හැවිරිදි දරුවාගේ අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට යමින් සිටිය දී හබරකඩ හන්දිය ආසන්නයේ යතුරු පැදිය තවතා අලෙවිසලකට යාමට සැරසෙනවාත් සමගම ඉදිරියෙන් පැමිණි කළුගල් පැටවූ ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී ඉදිරියට එමින් තිබූ ටිපර් රථය දුටු කාන්තාව තමා අසල සිටි සය හැවිරිදි දරුවා පසෙකට තල්ලු කර ඇතැයි ද පැවසේ. එසේ නොවන්නට දරුවාට ද බරපතළ හානි වන්නට තිබූ බව කියයි.

අනතුරින් තුවාල ලැබූ පාසල් දරුවා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා සිදු කළ අතර, හිසට පපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල, අභ්‍යන්තර රුධිර වහනය හා කම්පනය මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

මෙම අනතුරට සම්බන්ධ ටිපර් රථ රියැදුරු සිද්ධිය වීමෙන් පසුව පලාගොස් තිබූ අතර, පසුව පොලිසියට බාරවී තිබුණි. අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top