"තාමත් තියෙන්නේ ඒ හීනෙම තමයි..."
"මම පොඩි වැඩියි කියලා ටෙලි නාට්‍ය වලට ගත්තේ නැහැ..."
සඳනි පතිරණගේ කියන්නේ නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක්. විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන සඳනි ලගදීම මනාලියක් වෙනවා කියලත් ආරංචියි. මේ ඇය ගැනයි
සඳනි දිගට තිබුණු කොණ්ඩය කපලා, බැණුම් ගොඩක් ඇහුවලු නේ?
මට පොඩි වෙනසක් ඕන වුණා සහ මම එක නාට්‍යයකට කොණ්ඩේ කලර් කළා. ඒ නිසා කොණ්ඩේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණේ. මම කොහොමත් මුහුණට වඩා කොණ්ඩය ගැන වැඩිපුර හිතන කෙනෙක්. ඉතින් දුකෙන් හරි කපලා දාන්න වුණා. අම්මෝ ගොඩක් අයගෙන් බැණුම් ඇහුවා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. දැන් නම් දිගටම වවන්න තමයි හිතාගෙන ඉන්නේ. වවන්නත් පුදුම උත්සහයක් ගන්නවා.
මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද ?
මම වැඩ ගොඩක් බදාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. එක නිර්මාණයක් ඉවර වෙද්දී තව නිර්මාණයක් භාර ගන්නවා. කැම්පස් එකේත් අවසන් විභාගය ඉවර වුණා. ඉතින් ප්‍රතිඵල එනතුරු ඉන්නවා.
ඉක්මනින්ම සඳනි ගුරුවෘත්තියට යයිද?
ලබන අවුරුද්දේ මුල වෙද්දී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි කියලා හිතාගෙන ඉන්නවා. මගේ එකම හීනය සහ එකම බලාපොරොත්තුව ගුරුවරියක් වෙලා පාඩුවේ ජීවත් වෙන එක. තාමත් තියෙන්නේ ඒ හීනෙම තමයි.
ඔබගේ සමකාලීන ක්ෂේත්රයේ ඉන්න රංගන ශිල්පින් එක්ක බලද්දී සඳනි කැපිලා පේනවා අඩුයි.
මම කැපිලා පෙනෙන්න ඉන්න අකැමැතියි. ඇත්ත කතාව ඒකයි. මම කොහොමත් මේ දේ කරන්නේ මට ලොකු ජනප්‍රියත්වයක් ලබා ගන්නවත්, මම තමා එක්කෙනා කියලා කියන්නවත් නෙමෙයි. ඇත්තටම මම දන්නවා මම කරන චරිතත් එක්ක මට ජනතාව ආදරෙයි සහ ජනතාව මාව අඳුරනවා කියලා. මට බොරුවට කැපිලා පේන්න ඉන්න ඕන නැහැ.
සඳනිට ඇයි රඟපාන්න හිතුණේ?
මම දන්නේ නැහැ මට දක්ෂතාවක් තියෙනවාද කියලා. ඒත් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් විදියේ චරිතයක් කරන්න මට හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුණා. මම රංගනය මගේ අනාගතයට බාධාවක් කරගන්නේ නැහැ. මම හැම වැඩක්ම භාර ගන්නේ මගේ අනාගතේ මම කරන වෘත්තිය ගැන හිතලා. ගුරුවරියක් වුණහම කොහොමද ළමයින් එක්ක හැසිරෙන්නේ, සමාජයේ මාව දකින්න ඕන කොහොමද කියන එක ගැන හිතලා තමා මම චරිත තෝරා ගන්නේ.
සඳනී ආදරවන්තියක් නිසා මේ මාසයේ දී විශේෂ දේවල් ලැබේවි නේද?
ඔව්. මට ආදරය හම්බවෙලා තියෙන්නේ. අවු. 1 1/2 ක් තිස්සේ එයා මගෙත් එක්ක ඉන්නවා. පෙබරවාරි 14 කියන්නේ අපි දෙන්නා වැඩිය හිතන්නෙම නැති දවසක්. එදා දවස අපි දෙන්නට සාමාන්‍ය දවසක්.
ඉදිරියේදී අලුත් නිර්මාණ භාර අරගෙන තියෙනවද?