"හරි කෙනා ලැබුණම ජිවීතයම ලස්සන වෙනවා.."
"ළමයි හදන කාලේට ළමයි හදන්න ඕන.."
පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. පුංචි තිරයට අහිංසක චරිතයක් වුණු ඇයට බොහෝදෙනා ආදරේ කරනවා. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක නිර්මාණවලට සම්බන්ධ වෙන ඇය ගැනයි මේ.
ඔබ දැන් දකින්නේ ලැබෙන්නේ සීමිත නිර්මාණ කිහිපයකින් පමණයි. ඒකට හේතුව මොකක්ද?
නැහැ. එහෙම නැහැ. මේ දවස්වල විකාශණය වන ටෙලි නාට්‍ය අඩුයි. නැත්නම් මම හැම දවසකම වැඩ.
මහේෂි රංගනයෙන් කාලයක් නිවාඩු ගත්තා නේද?
නැහැ. මම නිවාඩු ගත්තේ නැහැ
ඔබ වගකීම් පැහැර හරින කෙනෙක්ද?
මම හිතාමතාම වගකීම් පැහැර හරින්නේ නැහැ. අතපසුවීමකින් මඟ ඇරෙන්න පුළුවන්.
මහේෂිගේ ජනප්‍රියතාව වැඩි වෙලා කියලා හිතනවද?
එහෙම හිතන්න ඕනේ ප්‍රේක්ෂකයා. මම ජනප්‍රියතාව පසුපස හඹා යන්නේ නැහැ.
ඔබ ඕනෑම චරිතයක් රඟපාන්න සුදානම්ද?
නැහැ. මහේෂි මධුශංකාට ගැළපෙන චරිත පමණයි තෝරා ගන්නේ.
සරලව කිව්වොත් මහේෂි කියන්නේ කවුද?
බොහොම අහිංසකව, පාඩුවේ ඉන්න චරිතයක්.
වැඩිපුරම කන්න කැමති කෑම?
අම්මා හදන ඕනෑම කෑමකට කැමතියි...
නිළියකට ඇඳුම කොතරම් දුරට බලපානවාද?
නිළියකට විශේෂයෙන්ම ඇදුම ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. විශාල පිරිසක් ඉදිරියට යනකොට තමන් ගැළපෙන ඇඳුමකින් යන එක තමයි හොඳ.
රංගනයකදී ඕනෑම ඇදුමක් අදින්න සුදානම්ද?
චරිතයට ගැළපෙන ඇදුමක් අදන්න සුදානම්.
චිත්‍රපටිවලට ආරාධනා ලැබුණේ නැද්ද?
මේ අවුරුද්දට නම් තාම ආරාධනා ලැබුණේ නැහැ.
අහිමිවෙන දේවල් ගැන කලකීරිමෙන්ද ඉන්නේ?
මෙහෙමයි මට වටිනාම වස්තු 04ක් ඉන්නවා. අම්මා, තාත්තා , අනිත් දෙන්නම හිස්තැන්. ඒ වටිනා වස්තු මගේ කරගන්න ටික කාලයක් ඕනේ. ඒ දේවල් මගේ ළඟ තියෙන නිසා මට කිසි කළකිරීමක් නෑ.
ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරයේ හරිම ෂෝයි අනේ. ආදරය ලැබිය යුතු දෙයක්. හරි කෙනා ලැබුණම ජිවීතයම ලස්සන වෙනවා. ඒක නිසා ජිවිතයට හරි කෙනා ළං කරගන්න උත්සාහ කරන්න.
වරදකට පෙළඹෙන අයට දෙන උපදේශය මොකද්ද?
නිසි වයසේදී නිසි දේ කරන්න. ඉගෙන ගන්න කාලේදි ඉගෙන ගන්න, ආදරේ කරන කාලේදී ආදරේ කරන්න, විවාහ වෙන්න ඕනේ කාලේ විවාහ වෙන්න, ළමයි හදන කාලේට ළමයි හදන්න.
රටේ පවතින දේහපාලනික පසුබිම පිළිබඳ කාලාකාරියක් විදියට දැනුවත්ද?
නිවුස් බලනවා. නමුත් නොදන්න දේවල් ගැන කතා කරන්න කැමැති නැහැ.
ෆැෂන් ගැන මහේෂි මොකද හිතන්නේ?
ෆැෂන් කරන්න ගොඩක් කැමැතියි. දැනුත් මම කතරගම යන්න ඇදුම් ගන්න ඇවිත් ඉන්නේ. සුදුසු විදියට ඇදුම් අදින එක තමයි ගොඩක් හොඳ.
අනාගත බලාපොරොත්තු මොනවද?
ටෙලිනාට්‍ය කටයුතු හොදින් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.