චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය වැළදී නැහැ
Monday, 27 January 2020 - 16:51 | Views - 185
චීනය පුරා දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 860 දෙනෙකු සිටින අතර, ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය වැළදී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.
ඒ පිළිබදව එරට තානාපති කාර්යාලය තහවුරු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් සිටිත් නම්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය අමතා ප්රවේශපත්රවලින් සියයට 50ක වට්ටමක් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.
ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට 0094 77777 1979 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ චීනයේ ටියැංජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇති බවයි.
Share This Article