කොරෝනා බවට සැක 10 ක් IDH රෝහලේ
Monday, 27 January 2020 - 11:34 | Views - 2,136
කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත විදේශිකයින් 7 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝ වන රෝග විද්‍යායතනයට මේ දක්වා ඇතුළත් කර තිබෙනවා. ඒ අතර, ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු ද වන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අතර, සැක සහිත රෝගීන් සිව් දෙනෙකුගේ සාම්පල මීට දින දෙකකට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ අතර, එහි අවසන් වාර්තාවන්ට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර චීනයේ සිට පැමිණෙන මගීන් වෙනම දොරටුවකින් ඇතුලු කරගැනීමට ගුවන් තොටුපල බලධාරින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article