අයුෂ්මාන් කුරානාගෙන් තවත් අලුත් වැඩක්
Thursday, 23 January 2020 - 13:51 | Views - 397
බොලිවුඩයේ නැගී එන නළුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් අයුෂ්මාන් කුරානා තවත් අලුත් වැඩකට සම්බන්ධ වෙලා තිබෙනවා.

පහුගිය කාලේ ඔහු සම්බන්ධ වුන බහුතරයක් නිර්මාණ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වුණා කියන එකත් අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ඉතින් ඔහු සම්බන්ධ වුන මේ අලුත්ම නිර්මණය බොලිවුඩය පුරාම ලොකු කතිකාවතක් ඇති කරයි කියලා තමයි ගොඩක් අය අදහස් දක්වන්නේ.

මේ චිත්‍රපටය Shubh Mangal Zyada Saavdhan. එළඹෙන පෙබරවාරි 21 තමයි මේ චිත්‍රපටය ලෝකය පුරාම තිරගතවීමට නියමිතව තිබෙන්නේ. අයුෂ්මාන් කුරානා සහ ජිතේන්ද්‍ර කුමාර් තමයි මෙහි ප්‍රධාන චරිත රංග දක්වන්නේ. ඇත්තටම මේ චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැගෙන්නේ සමලිංගික තරුණයන් දෙදෙනෙකු වටා.

සමලිංගිකත්වය තවමත් නිත්‍යානුකුල නොවන ඉන්දියාවේ මෙවැනි චිත්‍රපටයන් නිර්මාණය වුන පලවෙනි අවස්ථාව මෙය නෙමෙයි. නමුත් ඒ පහුගිය හැම අවස්ථාවකදීම වගේ මේ චිත්‍රපටයටත් ගොඩක් විවේචන එල්ල වෙයි කියලා තමයි විචාරකයන් නම් කියන්නේ. නමුත් මෙය චිත්‍රපටයක් වශයෙන් සාර්ථක බොහොම සාර්ථක එකක් බව තමයි ඔවුන් මේ වෙද්දී අදහස් දක්වලා තියෙන්නේ.

ඉතින් මේ වෙනස් කතා තේමාවක් සහිත චිත්‍රපටයේ පිටපත සහ අධ්‍යක්ෂණය හිතේෂ් කේවල්‍යගේ. මේ චිත්‍රපටය 2017 වසරේ තිරගත වුනු Shubh Mangal Saavdhan චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. ඉතින් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය තිරගත වනතුරු බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලා තමයි දැනගන ලැබෙන්නේ.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top