විද්‍යා ප්‍රබන්ධවල smart ඇස සැබෑ වෙයි
Monday, 20 January 2020 - 10:00 | Views - 2,498
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන් ආකාරයේ තාක්ෂණයක් මෙතෙක් අත්විඳින්නට හැකි වුනේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලින් පමණයි.

නමුත් Mojo Vision නම් ආයතනය මේ තාක්ෂණය සැබෑ ලෝකය වෙත හඳුන්වා දීමට  කටයුතු කර තිබෙනවා.

සෘජුවම ඇසට සම්බන්ධ කළ හැකි මේ සියුම් කාචය මගින්  සෞඛ්‍ය දත්ත, වේලාව, තරඟ තොරතුරු, කාලගුණ දත්ත ආදී තොරතුරු රාශියක් A R (augmented reality) තාක්ෂණය ඔස්සේ බලාගත හැකි වනවා.

මෙය සියුම් කාචයක් වශයෙන් ඇස තුළට සම්බන්ධ කළ හැකි වන අතර ඇස වසා සිටියදී පවා අවශ්‍ය තොරතුරු බලා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම කාචයේ නිෂ්පාදකයා වන Mojo Vision සමාගම ලොව ප්‍රධාන තාක්ෂණ සහ සෞඛ්‍ය සමාගම් වල සේවය කළ පුද්ගලයන්ගෙන් සමන්විත වනවා. ඇපල්, ඇමසන්, ගූගල්, මයික්‍රොස්ෆ්ට්,  පිලිප්ස්, ජොන්සන් සහ ජොන්සන් සමාගම් වල සේවය කළ විශේෂඥයන්ගේ සහ‍ය මෙම සමාගමට හිමි වනවා.

Mojo Vision සමාගම පවසන ආකාරයට මෙය තවමත්  පර්‍යේෂණ මට්ටමින් වර්ධනය කරමින් පවතින උපාංගයක් වනවා. එය තවමත් සෘජුව ඇසට සම්බන්ධ කිරීම සඳහා කටයුතු කර නැහැ.

උපුටාගැනීම මව්බිම
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top