තම ජංගම දුරකථනයේ zzවීඩියෝ පටි ගත වීමටZZ සලස්වා ජංගම දුරකථනය වහලයේ බාල්කය මත රඳවා නිවසේ කාමරයකට වැදි ගෙල වැලලාගත් තරුණයකු පිළිබඳ, ඉකුත්දා රාගම ශික්ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
ප්‍රේමය අහිමිවේදෝ යන සැකයෙන් පසු වූ 25 හැවිරිදි මත්ලෝලි තරුණයකු කාමරයකට වැදී, එහි දොරගුලු ලා - බිත්තිවල සටහන් කිහිපයක්ද සනිටුහන් කොට මෙලෙස එල්ලී සියදිවි නසාගෙන ඇත. මියගොස් ඇත්තේ ක¹න දකුණු බටගම විසූ තරුණයෙකි. සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය නිරීක්ෂණය රාගම ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා විශ්‍රාමික විදුහල්පතිනි, ඡේ. කේ. අමරා ජයකොඩි මහත්මිය විසින් සිදුකොට තිබිණි. පශ්චාත් හදිසි මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රධාන හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එම්. ප්‍රියංකර ලාල් මහතා හමුවෙහි පැවැත්විණි. මෙහිදී ක¹න පොලිසියේ පො. කො. (41335) ජී. ජයවර්ධන මහතා සාක්ෂි ඉදිරිපත් කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරි zzමුත්තුලිංගම්ZZ මහතා පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කළේය.
රාගම අතිරේක රිචඩ් ජී. සිල්වා