එජාපෙ නායකයන්, විපක්ෂ නායක කාර්යාලයට
Friday, 17 January 2020 - 19:27 | Views - 301
එළඹෙන මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතුව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ යටතේ තරඟ කිරීමට ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අමරපුර මහා නිකායේ මහනායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා.
ඒ ගල්කිස්ස ධර්මපාලාරාමයේදීයි.
මේ අතර, නායකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර මත විමසුමක් සිදුකළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සිදුකළ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.
Share This Article