බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9කට තුවාල
Friday, 17 January 2020 - 19:27 | Views - 748
මීගහකිවුල පිටමාරුව මාර්ගයේ වෙන්දේසියාය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 3.45ට පමණ මාර්ගයේ ගමන් ගත් බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 55ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරා සහ කුඩා පාසල් දැරියක් ද වන බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබු බස් රථය එක්වරම පසුපසට ධාවනය වී ප්‍රපාතයට පෙරලී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.


Share This Article
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
Friday, 21 February 2020 - 10:46
Hiru Tv Blog 415 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
Thursday, 20 February 2020 - 8:15
Hiru Tv Blog 107 Views
කෙතරම් මිහිරි හඬක් වුව එය අපට ඇසෙන්නේ නැත්තම්...
Hiru Tv Blog
වර්තමානයේ අක්ෂි කාච බද්ධ කිරීම සඳහා නවීන...
Hiru Tv Blog
- මධූර් යනු මධුපැණිය. මලකින් රොන් ගෙන මී...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුන ස්ටීවන් ස්පීල්බර්ග්...
Hiru Tv Blog
දමිල සිනමා නිළී කාජල් අග්‍රාවාල්ගේ ඉටි රුව පසුගියදා සිංප්පූරුවේ පිහිටි ‘මැඩම්...
Hiru Tv Blog
චෙන්නායි නගරයේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන සාමාජිකයන් සිවුදෙනෙකුගෙන් යුත්...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,626 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Friday, 21 February 2020
Hiru Tv Blog 415 Views
Top