ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් ලබන සතියේ පාර්ලිමේන්තුවට
Friday, 17 January 2020 - 19:26 | Views - 315
කාර්මික හෝ ගෘහ ආශ්රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට ඍජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9 ක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
එදින පස්වරු 1.30 සිට 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් හා ජලජ සම්පත්වලට හානි සිදුවන ආකාරයෙන් කිසිදු අපද්‍රව්‍යයක් බැහැර කිරීම හෝ වැඩෙන කඩොලාන පරිසර පද්ධතිය ඉවත් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් අදාළ පනත යටතේ තහනම් කෙරෙනවා.
Share This Article