මිනිස් සිරුරේ උෂ්ණත්වය පහළ වැටිලා
Friday, 17 January 2020 - 15:03 | Views - 358
පසුගිය සියවසක කාලය තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය එහි සම්මත අගය වන ෆැරන්හයිට් අංශක 98.6 (සෙල්සියස් අංශක 37) සිට සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.

පර්යේෂකයන් පවසන්නේ අවුරුදු 10ක් ගතවන විට පිරිමින්ගේ ශරීර උෂණ්තවය සෙල්සියස් අංශක 0.03කින් සහ කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.29කින් පහත වැටෙන බවයි.

ඒ අනුව 19වැනි ශතවර්ෂයේ සිට මේ වනවිට පිරිමියකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.59කින් පහත වැටී ඇති අතර 1890 වර්ෂයේ සිට කාන්තාවකගේ ශරීර උෂණත්වය සෙල්සියස් අංශක 0.32කින් පහත වැටී ඇත.

මෙම පර්යේෂණය ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් විසින් සිදුකර ඇති අතර එම නිගමනයන්ට එළැඹීම සඳහා වර්ෂ 1862 සිට 2017 දක්වා කාලය තුළ පුද්ගලයන් 190,000ක පිරිසකගෙන් එකතුකරගන්නා ලද උෂ්ණත්ව කියවීම් 677,000ක් විශ්ලේෂණය කර තිබේ.

19 වැනි ශතවර්ෂයේ දී මිනිසාගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 98.6ක් ලෙස සම්මත කරගෙන ඇත්තේ ජර්මානු වෛද්‍යවරයකුවන කාර්ල් රෙයින්හෝල්ඩ් විසින් ජර්මානු රෝගීන් 25,000ක උෂ්ණත්ව කියවීම් මිලියන ගණනක් අධ්‍යයනය කිරීමෙනි.

පසුව එය ඇමෙරිකානු සහ යුරෝපීය වෛද්‍යවරු විසින් ද තහවුරු කර තිබේ. ඉන්පසුව එය ලෝකය පුරා මිනිසුන්ගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ලෙස පිළිගනු ලැබිණි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top