ෂාහිඩ් කපූර්ට සිදු වූ අකරතැබ්බය
Friday, 17 January 2020 - 10:56 | Views - 521
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් පසුගිය සති අන්තයේදී චිත්රපට රූපගත කිරිමක් අතරතුරදී යළිත් වරක් ආබාධයකට ලක්ව ඇත.
ඒ 2020 අගෝස්තු 20 වැනිදා ප්රදර්ශනය වීමට නියමිත ‘ජර්සි’ බොලිවුඩ් චිත්රපටයේ රූපගත කිරීමක් අතරතුරදීය. ඉන්දියාවේ ජන්දිගර්හි පැවැති මෙම රූපගත කිරිම අතරතුරදී ලේදර් පන්දුවක් ෂාහිඩ්ගේ උඩ තොල මත වැදි තිබේ. මේ හේතුවෙන් මේ වනවිට මෙහි රූපගත කිරිම් කටයුතුද තාවකාලිව නවතා තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
ආබාධයට ලක්වීමෙන් අනතුරුව මුම්බායිහි සිය නිවස කරා ෂාහිඩ් පැමිණ තිබුණේ සිය කට ලේන්සුවකින් වසාගෙනය. මේ වනවිට එම අවස්ථාවේ ඡායාරූප රැසක් අන්තර්ජාලයට මුදාහැරද තිබේ.
Share This Article