හැරී සහ මේගන්ට, වෙන් නොවී දුරස් වන්න, මහරැජිණගෙන් අවසර
Tuesday, 14 January 2020 - 8:26 | Views - 5,057
රජ පවුලේ තවදුරටත් රැදී සිටිමින් නිදහස භුක්ති විදීමට හැරී කුමරු සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ අවසරය හිමි වී තිබෙනවා.

ඒ, රජ පවුලේ සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයේ ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව හැරී කුමරු සහ මේගන් කුමරියට කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අවසර හිමි වනවා.

තමන් ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත් වී, උතුරු ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අදහස් කරන බවත්, මූල්‍යමය ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවත් හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය බදාදා නිවේදනය කළේ රජ පවුල මවිතයට පත් කරමින්.

කෙසේ නමුත්, ඔවුන්ගේ අපේක්ෂාවන්ට සහය වන අතර හැරී සහ මේගන්ගේ රාජකීයත්වය අවසන් නොවන බව මහරැජිණ ඊයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top