කහ එළවළු, කහ පළතුරු වර්ග වැඩිපුර දෛනික ආහාරයට එක්කර ගන්නවා- කහ, මී කිරි මිශ‍්‍ර කරලා පැක් එකක් හදලා මූණේ ගානවා
Monday, 13 January 2020 - 10:06 | Views - 6,949
ප‍්‍රතිභා ඉතිං කොහොමද?

හොඳින් ඉන්නවා. රඟපෑම් කටයුතුයි, මාගේ රැකියාවේ කටයුතුයි, නිවසේ බබාලගේ කටයුතුයි නිසා ටිකක් විතර කාර්ය බහුලයි. කමක් නැහැ අපි කතා කරමු.

ඔබව දකින ගොඩක් අය ඔබ කවුරු වගේ කියලද කියන්නේ?

තාත්තා වගේ කියලා.

ඇත්තටම කෙනෙකුට ලස්සන රූප සම්පත්තියක් ලැබෙන්නේ?

මම හිතන්නේ පෙර පින නිසා කියලා. යහපත් දේවල් කළොත් යහපත් දේවල් ලැබෙනවා කියන ධර්මතාවය මා නිතරම හිතන දෙයක්.

ඇත්තටම කාන්තාවකට ලස්සන වැදගත්ද?

ඔව්. උපතින් ලැබුණ සුන්දරත්වයක් ආරක්‍ෂා කර ගන්න එක හොඳයි. මා පෞද්ගලිකව හිතනවා අපි අපිම වෙලා පිරිසිදුකමයි, පිළිවෙලයි එක්ක නිතරම ජීවත්වෙන්න පුළුවන්නම් ඒක ඉතාම වටිනවා කියලා.

අපිත් ආසයි ඔබ මොනවාද ලස්සන වෙන්න කරන්නේ කියලා දැන ගන්න?

වතුර ගොඩක් බොනවා. ඇත්තටම වතුර කියන්නේ අපේ සමට වගේම ශරීරයේ සියලූ ඉන්ද්‍රියන් නිරෝගීව තියා ගන්න අත්‍යවශ්‍ය දෙයක්.

රාජකාරි බහුල වුණාම වතුර බොන්න අමතක වෙන නිසා මම ඇප් එකක් දාගෙන ඉන්නවා. ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණයට වතුර බොන්න මතක් කරනවා.

ඊට අමතරව කහ එළවළු, කහ පළතුරු වර්ග වැඩිපුර දෛනික ආහාරයට එක්කර ගන්නවා.

මම ගොඩක් ආසයි. ග‍්‍රීන් ඇපල් වලට. පුරුද්දක් විදිහට දිනකට ග‍්‍රීන් ටී එකකුත් බොනවා.

(සුමානයකට දිනක් පමණ) කහ, මී කිරි මිශ‍්‍ර කරලා පැක් එකක් හදලා මූණෙ ගනවා.

ඇස් යට කළු වෙලා තියෙනකොට වගේම ඇස් ගොඩක් වෙහෙසා වැඩ කරන දින වලට පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් දෙකට තියනවා. ශරීරයේ හැඩය නියමිතව තියාගන්න සුම්බා ව්‍යායාම වල නිරත වෙනවා.

හිසකෙස් වලට පොල් තෙල් දාලා හොඳට මසාජ් කරනවා. ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක් තමයි කරන්නේ. සැලෝන් වලට නම් යන්නේ හරිම අඩුවෙන්.

රඟපෑමට අමතරව ඔබ වෙනත් වෘත්තියකත් නියැලෙනවා කිව්වා නේද?

ඔව්. පෞද්ගලික ආයතනයක නියෝජ්‍ය කළමනාකාරිණියක් ලෙසට කටයුතු කරනවා.

ඔබේ සුන්දරත්වය ගැන ආදරණීය සැමියා අගය කිරීමක් කරනවාද?

ඔව් අනිවාර්යෙන්ම

ලස්සන වූ පමණින් රඟපෑම වැනි වෘත්තියක් තෝරා ගත හැකි ද?

නැහැ. ලස්සන කෙනෙකුට කලාව වැනි වෘත්තියක දොරටු විවර කර ගත හැකි වේවි. නමුත් රැඳීමට නම් හැකියාව මත පදනම් වූ දක්‍ෂතාවක් තිබිය යුතුමයි.

ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?

මගේ අම්මා. බාහිර පෙනුමෙන් ලස්සන අය  ඕනෑ තරම් දැකලා තියෙනවා. නමුත් මගේ අම්මා කියන්නේ මතු පිටින් වගේම හදවතින්ම ලස්සන, ගොඩක් හොඳ ගතිගුණ තිියෙන ගොඩක් හොඳ කෙනෙක්.

විලාසිතා කිරීමේදී කුමන කරුණු ගැනද සැළකිලිමත් වන්නේ.

විලාසිතාවක් කියන්නේ අපේ ප‍්‍රතිරූපය නිරූපනය කරන මෙවලමක්?

අපි තෝරා ගන්නා විලාසිතාව අනුවත් අපට වටිනාකමක් එකතු වෙනවා.

ඒ නිසා මම විලාසිතාවක් තෝරා ගනිද්දී වයස, සහභාගි වෙන තැන. වෙලාව, තෝරා ගන්නා පාට වගේ දේවල් ගැන හිතනවා. දැන්නම් ඉතිං මම අම්මා කෙනෙක් කියන උතුම් පදවිය ගැනත් මතකයේ තියා ගන්නවා විලාසිතා කිරීමේදී.

ජීවිතයේ ලස්සනටම හැඩ වුණ දවස?

මම මනාලියක් ලෙසට සැරසුන දවස. ඒ සුන්දර මතකය හැමදාම ආදරණීයයි.

ඔබට වඩාත් ගැලපෙන ඇඳුම?

ඉන්දියන් සාරියට මම ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා.

ලස්සනට ඉන්නකොට ලැබෙන පිළිගැනීම?

මම හිතන්නේ මවක්, බිරිඳක් ලෙසින් අපි පිරිසිදුවට, පිළිවෙලෙට, ප‍්‍රියමනාපව ඉන්නවා නම් එයින් වඩාත් සතුටු වන්නේ අපේ දරුවෝ සහ ස්වාමියාය.

අපි පළමුව ප‍්‍රිය උපදවන කෙනෙක් විය යුත්තේ නිවස ඇතුලේම. එයින් කාන්තා අපිට ලැබෙන වටිනාකම හරිම ඉහළයි. අනිත් දේ තමයි මම විශ්වාස කරනවා. බාහිර ආලේපන ගල්වලා කොතරම් සුන්දර වෙන්න උත්සාහ ගත්තත් ඇත්තටම අපි ලස්සන විය යුත්තේ හදවතින්. මනසින් ලස්සන නම් අපි ඉබේම ලස්සන වෙනවා.

 

සටහන : අසුන්තා එදිරිසූරිය
Image may contain: 3 people, people smilingImage may contain: 1 person
Image may contain: 1 person, smiling
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top