ලොකු කලිසම් ඇඳලා ලොකු සපත්තු දාලා තමයි පාරේ යන්නේ. මට තාම මතකයි සමහරදාට අයියාලාගේ කලිසම් පවා ඇඳලා තියෙනවා
Friday, 10 January 2020 - 16:12 | Views - 1,620
ඇත්තටම අද ඉන්න දරුවන්ට වඩා ඒ කාලේ අපි ගතකරපු ළමා කාලයේ ලොකු වෙනසක් තියෙනවා. මගේ ගම කුරුණෑගල දොඩම්ගස්ලන්දේ. අපි ඇළදොළවල ඇතිතරම් සෙල්ලම් කරලා තියෙනවා. වෙල්යායවල්, කඳු එකක් ගෙවපු ඒ කාලය හරිම ලස්සනයි. පුංචි කාලේ අපි වැඩිපුරම ගස්වල තමයි හිටියේ. ගස් උඩ ඉඳගෙන අපි පළතුරු කෑවේ. ඇත්තටම ඒ ළමා කාලය අද බොහෝ දරුවන්ට නැහැ. අදටත් මම මගේ පුතාවත් ගමේ එක්කගෙන ගිහින් එයාටත් උපරිමයෙන් ඒ සුන්දරත්වය, ළමා කාලය විඳින්න ඉඩ ලබලා දෙනවා. ඇත්තටම ඒ සතුට සෑම දරුවෙක්ම ළමා කාලයේදී විඳින්නට ඕනේ. කොළඹ හිටියත් අදටත් මම තාමත් ආස ගමේ ගිහින් ඉන්නයි. ඇත්තටම ගමට ගියාම තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අපිට නිවාඩුවක් ලැබුණු ගමන් අදටත් අපි තුන්දෙනා ගමේ යන්නේ ඒ සතුට විඳින්න ඕන නිසයි.
සුමුදුගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කයි, අයියලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඒ තුන්දෙනා එක්ක ළමා කාලය උපරිමයෙන් වින්ඳා. පොඩි අයියයි මමයි ගොඩාක් කිට්ටුයි. අපි දෙන්නා ඉස්සර පොඩි කාලේ ඇති තරම් ගහගන්නවා. හැබැයි මට එයාව නැතිවත් බැහැ. ඒ සුන්දර ළමා කාලය ගැන ඇත්තටම මතක් කර කර සතුටු වෙන්න පුළුවන්. අපි හැදුණේ වැඩුණේ අපේ වයසේ තව නෑදෑ වෙන සහෝදර සහෝදරියන් එක්කයි. ඉතින් අපි හැමෝම එකට සෙල්ලම් කළා. මගේ පවුලේ හැමෝම හරි උසයි. ඉතින් අපි ඔක්කොම පාරට බැස්සම “අන්න සද්දන්ත කුලේ කට්ටිය එනවා. කියලා කියනවා.

සුමුදු ක්‍රීඩාවට ආසයි නේද?

ඔව්... අපේ පවුලේ බොහෝ දෙනා ක්‍රීඩාවටත් දක්ෂයි. අපි ක්‍රීඩාංගනයට යද්දීත් ඒ කාලේ අපේ වයසේ අය බය වෙනවා. ඒ වගේම පාසල් නිවාසවලට අපිව ගන්න පවා යාළුවෝ ඉස්සර පොරකෑවා. මම මුලින්ම ගමේ පාසලට ගියේ. පසුව කුරුණෑගල මලියදේව බාලිකාවට ඇතුළත් වුණා.

පාසලේදී සුමුදු මොනවගේ චරිතයක් ද?

පාසලේදී මම හාත්පසින්ම වෙනස් චරිතයක්. හරියට කොල්ලෙක් වගෙයි. ඒ කාලේ මම කොණ්ඩේ කොටටම කපලයි හිටියේ. ලොකු කලිසම් ඇඳලා ලොකු සපත්තු දාලා තමයි පාරේ යන්නේ. මට තාම මතකයි සමහරදාට අයියාලාගේ කලිසම් පවා ඇඳලා තියෙනවා. මම ඒ කාලේ චූටිම චූටි කරාබු දෙකක් තමයි දාලා තියෙන්නේ. ඒකත් පේන්නේ නැති තරම්. ඒ හැමදේටම හේතුව වුණේ ක්‍රීඩා කරපු නිසයි. ඒ කාලේ මාව දැකපු අය අද මාව දකිද්දී සමහරදාට මම කියලා විශ්වාස කරන්නේත් නැහැ. ඒ කාලේ ලස්සන ගැන පොඩ්ඩක්වත් හිතුවෙවත් නැහැ. වැඩිපුරම කාලය ගෙවුවේ අව්වේ, පිට්ටනියෙම තමයි.

ළමා කලායේදී හීන දැක්කේ කවුරු වෙන්නද...?

පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්ෂ නිසා ක්‍රීඩාවෙන් රට නියෝජ්‍යනය කරන්න ආස වුණා. මගේ ජීවිතේ වැඩි කාලයක් ළමා කාලයේදී මම යොමු කළේ ක්‍රීඩාවටයි. මට සිදුවුණ අනතුරක් නිසා ඒ හැමදේම නතර කරන්න මට සිදුවුණා. මාස ගාණක් යනතුරුම එකතැන් වෙලා හිටියේ. මට වයස අවුරුදු දාසයේදී මාව බස් රථයකට හසුවුණා. ඒ නිසාම ක්‍රීඩාව මගේ අතින් ටිකක් ගිලිහුණා.

රූපය ගැන පොඩ්ඩක්වත් සැලකිල්ලක් නොතිබුණු සුමුදුගේ ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද?

කුරුණෑගල රූප සුන්දරී තරගයක් බලන්න ගියපු වෙලාවක මගේ කොණ්ඩය දැකපු කෙනෙක් “අනේ ඔයත් තරගයට ඉදිරිපත් වෙන්නකො. කියලා කිව්වා. එදා මමත් ඒකට සහභාගී වුණා. මාව දැකපු කෙනෙක් පසුව මනමාලියක් ලෙසින් මාව හැඩ කළා. ඊට පස්සේ Miss Sri Lanka වුණේ.

මේ වැඩකටයුතුවලට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

මගේ අම්මා පොඩි කාලේ ඉඳන් මට ලොකු සහයෝගයක් දුන්නා. මගේ පොඩි කාලේ ඉඳන්ම මාගේ යාළුවා වුණේ මගේ අම්මයි, මගේ අක්කයි. මගේ ජීවිතේ කවදාවත් වැරදෙන්නේ නැතුව ඇත්තේ අම්මාගේ ඒ බැඳීම නිසාම වෙන්නත් ඇති. අම්මා වගේම මිථිලගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

මිථිලව මුණගැහෙන්නේ කොහොමද?

මිථිලත් එක තරගයකදී මාත් එක්ක තරගය නියෝජනය කරන්න හිටියා. ඒ තරගයෙන් පස්සේ මිථිල මම ගැන හොයලා තියෙනවා. දවසක්.. “මේ දවස්වල මගේ ගෙදරින් මට ප්‍රොපෝසල් ගේනවා. ඔයාට මගේ බිරිඳ වෙන්න පුළුවන්ද? කියලා ඇහුවා. අපි 2014දී විවාහ වුණා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම අඛිලේෂ්. පුතාට දැන් වයස අවුරුදු තුනාහමාරයි. එයා ටිකක් දඟයි. හැබැයි හරිම හරි හුරතල්. හරි ආදරණීයයි. ඒ වගේම පුතෙක් ලබන්න මමයි මිථිලයි හරි වාසනාවන්තයි. 

දේශය
Share This Article
Hiru Tv Blog
මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක්...
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
සරාගී නිළි ටීනා ෂනෙල්ගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.එම ඡායාරූප...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top