රුව රකින රෝග නසන අඹ ගැන ඔබ නොදත් ගුණ
Monday, 06 January 2020 - 16:33 | Views - 253
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක් තමයි අඹ. මී අඹ, රට අඹ, ගිරා අඹ, කර්ත කොලොම්බන්, කොහු අඹ, පෙට්ටි අඹ යන මේවා ගැමියා නිතර ගැවසෙන වතු පිටිවල ගම්බදව දැකිය හැකියි. ඉතාමත් ප්‍රනීත මේ අඹ ලංකාවේ විවිධ ප්‍රදේශවල ආවේණිකව ද පවතියි. යාපනේ අඹ ඊට හොඳ නිදසුනකි. මේ අඹ වර්ග වල පවතින ගුණ අගුණ ගැන තොරතුරු අපි විමසා බැලුවේ බොරැල්ල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම්ගෙනි.

කෙඳි සහිත අඹ
අඹ කෙඳි සහිත පලතුරකි. තන්තු හොඳින් පවතින විට ආහාර දිරවීම පහසු කරයි. එවිට මල පිටවීමද පහසු කරයි. ඒ අනුව මල බද්ධයට හිතකර වෙයි. හොඳින් මල පිටවන විට බඩ තුළ පවතින වාතය ලිහිල් වී සැහැල්ලු වෙයි. බඩ පුරවා දැමීම නැති කරයි. උදරයේ පවතින පීඩනය අඩුකර දමයි. සිත සැහැල්ලු වේ. සිරුර ප්‍රබෝධමත් වෙයි. ආහාර රුචිය ඇති කරයි. ආහාර ජීර්ණ වීමට බාධා ඇති නොවේ.

සැහැල්ලුවෙන් ජීවිතයට
මනස ප්‍රබෝධමත් ව තැබීම නිසා ජීවිතයට සැහැල්ලුව ළඟා වේ. හොඳින් දිරවන නිසා බඩවැල් හොඳින් පිරිසුදු වෙයි. බඩවැල් ආශ්‍රිත බොහෝ රෝගවලට ගුණ දෙයි. සිත සතුටින් තබයි. ඉඳුණු අඹවල රසය හා ගුණය මත සිරුර පුරා දැනෙන නැවුම් බව පවත්වා ගැනීමට හැකියාවක් ඇත. මිහිිරි සුවඳවත් භාවය ඒ නැවුම් ගතිය රඳවා තබයි. එසේම ආහාරයට ඇති කැමැත්ත වැඩි කරයි.

ලස්සන රුවකට
අඹ කන ඕනෑම අයෙකුට සම දීප්තීමත්ව තබා ගැනීමට හැකියි. සම පැහැපත්ව තබයි. පිරිපුන් බව ඇති කිරීමට උදව් වෙන මාංශ පේශී වල පුෂ්ටිමත් භාවය ආරක්ෂා කරනු ලබයි. සමේ නිරෝගී බව ආරක්ෂා කරදෙයි. දියවැඩියාව සහ අක්මා රෝගවලට ගුණයි.

ගුණාත්මක බවින් ඉහළ අඹ
රුධිර නාල තුළ රුධිරය කැට ගැසීම වලකයි. මන්ද පෝෂණය නැති කරයි. සිරුරේ පවතින දියර ප්‍රමාණය පාලනය කරයි. විදුරුමස්වලින් ලේ පිටවීම දුරුකරයි. ගර්භනී මාතාවන්ට ගුණයි. ශරීරයේ යම් විසක් පවතී නම් ඒවා ඉවත් කිරීමට උදව් වෙයි. රුධිර සංසරණය හොඳින් සිදු වේ. ස්නායු පද්ධතියේ ක්‍රියාව හොඳින් පාලනය කරයි. ශරීරයේ බර නිසිලෙස පාලනය කරයි. ශරීරයේ රුධිර ප්‍රමාණය වැඩි කරයි. නීරක්තිය නැති කරයි. ශරීරයට ඇතුළුවන විෂ බීජ වලින් ආරක්ෂා කරයි. ශරීරයේ හෝර්මෝන නිසිලෙස ක්‍රියාකිරීම ඇති කරයි. හෘදයේ ගැස්ම හා රුධිර පීඩනය පාලනය කරයි. එසේම හෘදයේ මාංශ පේශීන් ශක්තිමත් කරයි. පෙනහළුවල හා මුඛ පිළිකා නැති කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය පවතී. ශරීරයේ අන්ත්‍රවල, පියයුරුවල හා පිරිමින්ගේ පෞරුෂ ග්‍රන්ථිවල ඇතිවන පිළිකා වළකාලයි. විටමින් ඒ බහුලව ඇත. ඒ නිසා ඇස් පෙනීම වැඩි කරයි. සමේ පාට වැඩි කරයි. රාත්‍රියට ඇස් පෙනීම දියුණු කරයි. එනම් රාත්‍රී ආර්ධතාවය නැති කිරීමයි. වීදුරු මස් දියවීම නැති කරයි. වීදුරුමස් ශක්තිමත් වේ.

අගුණ වන අවස්ථා
සමහර පුද්ගලයන්ට අඹ නිතර කැමේදී අසාත්මිකතා ඇතිවිය හැක. ගෙඩි දැමීම්, පලු මතුවිම් හා කැසීමට ලක් වීම ආදී අසාත්මිකතා මතුවිය හැකියි. සමේ රෝග ඇති අයට, ඇදුම රෝගීන්ට හා බඩ දැවිල්ල ඇති අයට මේ තත්ත්වය උදා වේ. ඕනෑම ආහාරයකට හා ඖෂධයකට අසාත්මික වන අයට අඹ අසාත්මික වීමට පුළුවන. එවැනි අය ආහාරයට ගැනීමේදී ඉතාම සුළු ප්‍රමාණයකට සීමා කිරීම සුදුසුයි. වකුගඩු රෝගීන් වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නැත.

දිනපතා අඹ ආහාරයට ගත්තොත්
ගන්නා ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් අඹ අතුරුපසක් ලෙස ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණය අනුව දිනකට මුළු අඹයම ගත්තොත් දිනක් හැර දිනක් කෑමට කම් නැත.

නමුත් දිනපතා කුමන හෝ අඹ වර්ගයක් ආහාරයට ගැනීම ඔබගේ සිරුර ක්‍රියාකාරීත්වය එකම දේ ලැබීම මත මේ අසාත්මිකතා ඇතිවීමට ඉඩ ඇත. සතියකට 3,4 වරක් කෑම සෞඛ්‍යයට හිතකරයි. කෙසේ වෙතත් මී අඹ වැනි පුංචි අඹ 5,6 ක් දිනකට කෑවාට කම් නැත. නමුත් මී අඹ වැනි පුංචි ගෙඩි දිනපතා ගැනීමට වඩා එය සතියකට දින 3ක් හෝ 4 කට සීමා කිරීම ද සුදුසුයි.

අඹ 100g පෝෂණය මෙසේ දැකවිය හැක
ශක්තිය කිලෝ කැලරි 65, කාබෝහයිඩ්‍රේට් 17g, සීනි 14.8g, මේදය 0.27g, ප්‍රෝටීන් 0.51g, විටමින් A37mlg, බීටා කැරොටින් 445mcg, විටමින් E තයමින්- 0.05g, රයිබෝ ෆ්ලේවින් 0.057mlg, විටමින් E2 0.548mlg, විටමින් E5 0.16mlg, විටමින් E6 0.134mlg, ෆේලේට් 14mlg, විටමින් K27.4mlg, කැල්සියම් 10mlg, යකඩ 0.13mlg, මැග්නිසියම් 9mlg, පොටෑසියම් 156mlg, සින්ක් 0.04mlg, පොස්පරස් 11mlg
Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top