කල් තියාම ලෙඩ රෝග හඳුනාගෙන අලුත් අවුරුද්දට පිය නඟමු
Tuesday, 31 December 2019 - 12:00 | Views - 546
නව වසර එළැඹීමට ඇත්තේ තවත් එක් දිනක් පමණයි. නව වසරේදී සාර්ථක කාන්තාවක් වන ආකාරය පිළිබඳ ඔබ මේ වන විටත් සැලසුම් කරනවා ඇති. ඔබගේ සුන්දර නිවහන පිරිසුදු කොට අලංකාර කරනවා ඇති. නමුත් නව වසරට පා තැබීමට පෙර ඔබ නිරෝගීදැයි සිතීමට නම් ඔබට අමතක වන්නට ඇති.

විවිධ කාල සීමාවන්හිදී කාන්තාවකගේ ශරීරයේ විවිධ ශාරීරික වෙනස්කම් සිදුවනවා ඔබ අවුරුදු 40 පසු වූ කාන්තාවක් නම් ඔබ ගත කරනුයේ ඔබගේ ජීවිතයේ සංක්‍රාන්තික අවධියයි. මේ  යුගයේ ඇති වන හෝමෝන වෙනස්වීම් නිසා ඔබට ඇති විය හැකි කාන්තා රෝග කිහිපයක්ම තිබෙනවා. නමුත් නිසි ලෙස පරික්ෂණවලට යොමු වන්නේ නම් එම රෝග කල්තියා හඳුනාගෙන නිරෝගීමත් දිගු ආයු කාලයක් වින්දනය කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ලෙඩ රෝග නොමැතිව සෞඛ්‍යසම්පන්න කාන්තාවක් ලෙස 2020 වසර ගත කිරීමට ඔබත් අදම මෙම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වන්න.

ඔබ අවුරුදු 40 වයස් සීමාව පසු කළ කාන්තාවක් නම් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබ වෙනදාටත් වඩා අවධානය යොමු කළ යුතුයි. මෙම අවධියේදී ශරීරයේ හෝමෝන නිපදවීම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා. එසේම ආර්තවහරණයට මූලික පසුබිම සැකසෙන්නේද මෙම අවධියේදීයි. අවුරුදු 50-55 දක්වා කාල සීමාවේදී කාන්තාවකට ආර්තවහරණය සිදුවිය හැකියි. අවුරුදු 40න් පසු කාන්තාවකට ගැබ්ගෙල පිළිකා ගර්භාශය ආශි්‍රත පිළිකා fibroid ගෙඩි, ඩිම්බ කෝෂ ආශ්‍රිත ගැටලු, පියයුරු පිළිකා වැනි තත්ත්වයන් ඇති වීමේ අවදානමක් මතු වෙනවා. ඒ නිසාම අවුරුදු 40 පසු වූ පසු ඔබ සිදු කරගත යුතු මෙම වෛද්‍ය පරීක්‍ෂණවලට ඉතාමත් වැදගත්.

pap පරීක්ෂාව

ගැබ්ගෙල පිළිකාව කාන්තාවන්ට ඇති වන සුලබ රෝග තත්ත්වයක්. රෝගය පැතිරී යාමට පෙර හඳුනාගන්නේ නම් පහසුවෙන් සුව කිරීමේ හැකියාව තිබෙනවා. අඩු වයසින් ලිංගිකව සක්‍රිය වූ හෝ ලිංගික සහකරුවන් කිහිප දෙනකු ඇසුරු කළ කාන්තාවක් නම් ගැබ්ගෙල පිළිකා ඇති වීමේ වැඩි අවදානමක් පවතිනවා. ගැබ්ගෙල පෙදෙසින් ලබාගත් සෛල පරික්ෂා කොට ගැබ්ගෙල පිළිකා තත්ත්වයක් තිබේදැයි සොයාගත හැකියි. සැක සහිත අවස්ථාවකදී COlPOSCOPY නමැති වෛද්‍ය පරික්ෂණයෙන් තව දුරටත් ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කරනු ලබනවා. සෑම අවුරුදු තුනකට වරක් නචන පරික්ෂාව සිදුකරගත යුතුයි.

ගර්භාශ පරීක්ෂාව

අවුරුදු 40 පසු වූ පසු ආර්තව චක්‍රයේ සිදුවන වෙනස්කම් සමඟ ගර්භාශයේ  ගෙඩි, පිළිකා, ඩිම්බකෝෂයේ ගැටලු සහ සංකූලතා ඇති විය හැකියි. අවුරුදු 40 පසු වූ  කාන්තාවක් නම් ගර්භාශය ආශ්‍රිතව සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂණයකින් මෙම තත්ත්වයන් ඇත්දැයි පරීක්ෂණ කරගත යුතුයි.

පියයුරු පිළිකා පරික්ෂාව

පියයුරු පිළිකාව කාන්තාවන්ට වැලඳෙන රෝගාබාධ අතරින් සුලබව දැකගත හැකි තත්ත්වයක් ලෙස සඳහන් කිරීම නිවැරදියි. අවුරුදු 40 පසු වූ පසු පියයුරු ආශි්‍රතව ඇති ගැට පෙනෙන්නට පටන් ගැනෙනවා. ඒ නිසා කාන්තාවන් නිතර ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ස්වයං පියයුරු පරික්ෂාව මඟින් පියයුරු පිළිකාවක් තිබේදැයි හඳුනාගැනීමට ඔබට හැකියාව තිබෙනවා. එයට අමතරව MaMogram Test, Breast ultra Sound වැනි වෛද්‍ය පරීක්ෂණ හරහාද පියයුරු පිළිකා හඳුනාගත හැකියි.

ඉහත රෝග තත්ත්වයන්ට අමතරව රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලතාව, අක්ෂි සහ දත් ආශි්‍රත ගැටලු ඇතිවීම ඇරැඹෙන්නේද අවුරුදු 40න් පසුවයි. වෛද්‍ය නිර්දේශ මත ඔබට ලැබෙන කාල පරාසය තුළදී අදාළ වෛද්‍ය පරීක්ෂණ නොවරදවා සිදු කරගත යුතුයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top