තරුණියන්ගේ බෙල්ල කළු වීම මුහුණේ රෝම වර්ධනය වන්නේ ඇයි?
Monday, 30 December 2019 - 11:35 | Views - 2,169
තම සිරුරේ හැඩය ගැන රූප සොබාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ කාන්තාවන්ය. ඒ නිසා සිරුර මහත් වනවිට ආහාර පාන අඩුවෙන් ගෙන සිරුර කෙට්ටු කර ගැනීමට උනන්දු වෙති. සමේ පැහැයේ වෙනස්කම් ඇති වනවිට ඒ සඳහා නොයෙකුත් ආලේපන වර්ග ගල්වති. මුහුණේ රෝම මතු වනවිට ඒවා ගලවා ඉවත් කර ගැනීමට කටයුතු කරති.
 
 නමුත් කාන්තාවන්ගේ හෝමෝනවල මතු වන අසමතුලිතතාවයන් නිසා ඇති වන සිරුරේ තරබාරුව සමේ පැහැයේ වෙනස්කම් සහ රෝම කූප වර්ධනය රූපලාවන්‍ය ප්‍රතිකාර මගින් සුවපත් කිරීම කළ නොහැකිය. ඒ සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේදැයි කියා අපි අවධානය යොමු කර බලමු.
 
 වෛද්‍යතුමියනි, කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවන් නිසා මතු වන සිරුරේ වෙනස්කම් හඳුනා ගන්නේ කෙසේද?
 
 යම් කාන්තාවකගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවත් ඔසප් වීමේදී අධික වේදනාවත් ඔසප් වීම වැඩි දින ගණනක් පැවතීම වැනි ගැටලු පවතිනවා නම් ඇයගේ කාන්තා හෝමෝනවල යම් ගැටලුවක් පවතින බව වටහාගත හැකියි.
 
 එවැනි කාන්තාවක් අධික තරබාරුවට ලක්වේ නම්, බෙල්ලේ තද කළු පැහැයත් මුහුණේ නිකට ප්‍රදේශයේ සහ බෙල්ල ප්‍රදේශයේ රෝම කූප ඇති වෙනවා නම් එය ඇයගේ කාන්තා හෝමෝනවල මතුව ඇති අසමතුලිතතාවයෙහි රෝග ලක්ෂණ බව අවබෝධ කරගත යුතුය.
 
 නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන් මෙම රෝග ලක්ෂණවලට මූලික වී ඇති ගැටලුවට ප්‍රතිකාර කිරීම සඳහා යොමු වීම වෙනුවට මතුව ඇති මූලික ලක්ෂණ එකින් එකට වෙන වෙනම ප්‍රතිකාර කිරීම සඳහා යොමු වීමක් දක්නට ලැබෙනවා.
 
 උදාහරණ ලෙස දක්වතොත් තරබාරු වීම වළක්වා ගැනීම සඳහා ආහාර පාන ගැනීම සීමා කරනවා. බෙල්ලේ මතුව ඇති කළු පැහැය ඉවත් කර ගැනීමට ක්‍රීම් වර්ග ආලේප කරනවා.
 
 මුහුණේ මතුව ඇති රෝම කූප ඉවත් කර ගැනීමට රූපලාවන්‍යාගාරයකට යනවා.
 
 මින් සිදු වන්නේ මතුව ඇති හෝමෝන අසමතුලිතතාවට ප්‍රතිකාර නොලැබීම නිසා රෝග ලක්ෂණ වැරදි ක්‍රම මගින් යටපත් වීම පමණයි.
 
 ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, ඔසප් වීමේදී අධික වේදනාව, නිතර නිදිමත බව, තරහ යෑම ආදිය මතු වන්නේ ස්ත්‍රී හෝමෝනවල මතු වී ඇති ගැටලුවක්. හේතුවෙන් බැවින් ඇය කළ යුත්තේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම සඳහා යොමු වීම නොව ඊට මූලික වී ඇති රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වීමයි.
 
 හෝමෝන අසමතුලිතතාවය නිසා මතු වන තරබාරුව ආහාර ගැනීම අඩු කිරීම මගින් පාලනය කරන්න බැහැ.
 
 ඒ නිසා තමයි බොහෝ කාන්තාවන් පවසන්නේ දවසේ ආහාර වේල් තුන අඩුවෙන් ගත්තත් බර අඩු වීමක් දක්නට ලැබෙන්නේ නැතැයි කියා.
 
 වෛද්‍යතුමියනි මෙලෙස කාන්තා හෝමෝන අසමතුලිත වන්නේ ඇයි?
 
 අප ගන්නා ආහාරය ශරීරය තුළදී කොටස් හතකට වෙන්වෙන බව ආයුර්වේදයේ සඳහන් කරනවා.
 
 රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා සහ ශුක්‍ර ලෙසින් කොටස්වලට වෙන් වෙනවා. එය සප්ත ධාතු කොටස් බවට පරිවර්තනය වීම කියා හඳුන්වනවා. මෙහිදී කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සඳහා අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ ශුක්‍ර බවට පත් වූ ආහාර කොටස්ය.
 
 අස්ථි සහ මජ්ජා යන ධාතු කොටස් අස්ථිවල වර්ධනයට සහ ඇට මිදුලු වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.
 
 හෝමෝන නිපදවනු ලබන පිටියුටරි ග්‍රන්ථියේ හෝ ඩිම්භ කෝෂවල කිසියම් ගැටලුවක් පවතින විට හෝමෝන අසමතුලිත වෙනවා.
 
 එවිට ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීමට ද බලපානවා.
 
 මින් සිදු වන්නේ ඩිම්බ මේරීම සඳහා අවශ්‍ය ශුක්‍ර ධාතුව නිසි පරිදි ආහාරයෙන් නොලැබීම නිසා ඩිම්බ පිටවීමේ ගැටලු හට ගැනීමය. එවිට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, ඔසප් වීමේදී අධික වේදනාවක් හට ගැනීම වැනි අපහසුතා මතු වෙනවා. අස්ථි සහ මජ්ජා ධාතු ලෙස ආහාරය කොටස්වලට පරිවර්තනය නොවීමෙන් ආහාරයේ ඇති මේදය කෙලින්ම ශරීරයේ තැන්පත් වෙනවා.
 
 බොහෝවිට එය උදරය, කලව ආදී ප්‍රදේශවල තැන්පත් වෙනවා. එවිට උදරය ඉදිරියට නෙරා ඒම කලවා ප්‍රදේශයේ අධික තරබාරුවක් මතු වීම සිදු වෙනවා.
 
 එසේම මෙලෙස ශරීරය තරබාරු වූවාට ඔවුන් තුළ නිසි පෝෂණය නැති නිසා ශක්ති සම්පන්න බවින් ද දුර්වලයි. ඒ නිසා මෙලෙස තරබාරු වූ අයට වෙහෙස වී වැඩ කටයුතු කළ නොහැකියි.
 
 වෛද්‍යතුමියනි, මෙලෙස ඇති වන හෝමෝන අසමතුලිතතාවයට ඇති ප්‍රතිකාර මොනවාද?
 
 ප්‍රතිකාර කිරීමේදී අප මුලින්ම අවධානය යොමු කළ යුත්තේ හෝමෝන අසමතුලිතතාවට බලපා ඇති හේතූන්ය.
 
 ඇතැම් කාන්තාවන්ට අවිවේකී බව නිසා විභාගවලට පෙනී සිටීමට සිටින විට ඇති වන බිය නිසා දෙමාපියන්ගෙන් ඈත්ව නේවාසිකාගාරවල ජීවත් වීම හෝ තමාට හුරු පුරුදු පරිසරයෙන් වෙන්වී වෙනත් ප්‍රදේශයක ජීවත් වීමට යෑම සිදුවීම ආදියත් හෝමෝන අසමතුලිතවීමට බලපානවා.
 
 ඒ නිසා ඖෂධ ප්‍රතිකාර කිරීමේදී මෙවැනි හේතු මතුව තිබෙනවා නම් ඊටත් නිසි පිළියම් යෙදිය යුතුයි.
 
 ඖෂධ ප්‍රතිකාර කිරීමේදී ශෝධන, ශමන සහ තර්පන යන ක්‍රමවලට ප්‍රතිකාර ලබා දෙනවා.
 
 එහිදී පෝෂණ ද්‍රව්‍ය නිසි ලෙස ඩිම්බ කෝෂ කරා ගමන් කිරීමේ අවහිරතා පවතිනවා නම් එය ශෝධන ප්‍රතිකාරය තුළින් ඉවත් කරනවා.
 
 එසේම මෙම ප්‍රතිකාර විවාහක සහ අවිවාහක කාන්තාවන්ට සිදු කිරීමේදී භාවිත කරන ප්‍රතිකාර ක්‍රම වෙනස්ය. විවාහක කාන්තාවන්ට යෝනි මාර්ගය හරහා ඖෂධ ප්‍රතිකාර ලබාදිය හැකියි. නමුත් අවිවාහක කාන්තාවන්ට එසේ කළ නොහැකියි. ඔවුන්ට මුඛයෙන් ගැනීමට ලබාදෙන ඖෂධ, තෙල් වර්ග ඇඟ ගැල්වීම නාසය තුළින් නස්න ක්‍රමවලට ශරීරයට ඖෂධ ඇතුළු කිරීම ආදිය සිදු කරනවා.
 
 මෙලෙස ප්‍රතිකාර ගන්නා අතර කාන්තාවන් තම ආහාර පාන මගින් ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබාගත යුතුයි. එහිදී මුංඇට, කව්පි වැනි ධාන්‍ය වර්ග, හාල් පිටි, ආටා පිටි අඩංගු ආහාර ගත යුතුයි.
 
 එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම හාතාවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න වැනි කොළ කැඳ වර්ග පානය ගුණදායකයි. පිෂ්ඨය සහ මේදය බහුල ආහාර වර්ග ගැනීම සීමා කළ යුතුයි. මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් මතුව ඇති තරබාරුව, බෙල්ල කළු වීම, මුහුණේ රෝම කූප වර්ධනය සම්පූර්ණයෙන් සුවපත් කරගෙන නිරෝගී ඔසප් චක්‍රයක් පවත්වාගත හැකියි.
 
 එයින් අවිවාහක කාන්තාවන්ට මතු දිනෙක විවාහ වූ විට නිසි කලට දරු ඵල ලබා ගැනීමට හේතු වෙනවා සේම විවාහක කාන්තාවන්ට දරුඵල ප්‍රමාද වීම ද නැති කරගත හැකියි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top