නිර්මාංශ ආහාර වේලක් ගන්නා අයට දැනුම්දීමක්
Monday, 30 December 2019 - 10:55 | Views - 2,432
නිර්මාංශ ආහාර පෙළකට (වෙජිටේරියන්) හුරුව සිටින පුද්ගලයන් විවිධ පෝෂණ ඌණතාවන්ට ගොදුරු වීමේ අවදානමක් පවතින බවට මතයක් බොහෝ දෙනා තුළ පවතී. එම මතය මිථ්‍යාවක් නොවන බව තහවුරු කරමින් බටහිර පර්යේෂකයන් විසින් ඉකුත්දා ප්‍රකාශ කරන ලද්දේ නිර්මාංශ ආහාර වේලක් අනුභව කරනු ලබන පුද්ගලයන් පෝෂණ ඌණතාවන්ට ගොදුරු වීම වැළැක්වීම සඳහා විටමින් බී-12 අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු බවයි.
සෑම වසරකම ජනවාරි මාසයේ නිර්මාංශ ආහාර වේලකට යොමු වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් විටමින් බී-12 වෙනත් ආහාරයක් හෝ ආදේශකයක් හරහා ලබාගත යුතු බව එම පර්යේෂකයෝ කියා සිටිති.
නිර්මාංශ ආහාර වේළක ඉහළ තන්තු හෙවත් ෆයිබර් ප්‍රමාණයක්ද අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණයක්ද අඩංගුව පවතී. එහෙත් මෙම ඇතැම් පෝෂක කොටස්වලින් විටමින් බී-12 ඇතුළු පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීමට අසීරු වීම නිසා එම විටමින් සංයෝගය පිටතින් හෝ ලබාගත යුතු බව වෛද්‍ය මතය වී තිබේ.
සාමාන්‍ය වැඩිහිටියෙකුට අවශ්‍ය දෛනික විටමින් බී-12 සංයෝග ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 1.5 කි. මෙම විටමින් සංයෝගය මාළු, මස්, බිත්තර හා කිරි නිෂ්පාදනයන් හරහා ලබා ගත හැකි වුවද එළවළු, පලතුරු හා ධාන්‍ය වර්ගවලින් ලබාගත නොහැකිය. මේ නිසාම නිර්මාංශ ආහාර වේලකට හුරුව සිටින අය එම සංයෝගය ලබාගත යුත්තේ සැකසූ ආහාර වන සිරියල් හා ආහාර ආදේශකයන් (සප්ලිමන්ට්ස්) හරහාය.
විටමින් බී-12 ඌණතාවයක් පවතින විට ඒ මගින් ස්නායු හානියක් සිදු විය හැකි අතර එහි රෝග ලක්ෂණ දක්නට ලැබෙනුයේ වසර තුනක් හෝ හතරක් ගත වූ පසුවය. මෙහි ප්‍රථම රෝග ලක්ෂණය වනුයේ අත් හා පාදවල කටුවක් ඇණුන විටදීත් නොදැනීමයි.
ඔක්ස්ෆඞ් සරසවියේ පිළිකා වසංගත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වසංගත රෝග පිළිබඳ මහාචාර්ය ටිම් කී පවසනුයේ නිර්මාංශ ආහාර වේලකට යොමුවන අය විටමින් බී-12 සහයෝගය ගැන දැනුවත් විය යුතු බවයි.
මහාචාර්ය කී ද වසර ගණනාවක සිට නිර්මාංශ ආහාර වේලකට හුරුව සිටින්නෙකි. ‘එහෙත් බොහෝ නිර්මාංශ ආහාර අනුභව කරන්නන් විටමින් බී-12 ගැන දැනුවත්දැයි සැක සහිතයි, මහාචාර්වරයා කියයි.
ඒමන්ති මාරඹේ
බීබීසී පුවත් සේවය ඇසුරිණි
Share This Article