ඖෂධීය ගුණයෙන් යුතු යකඩ බහුල ගොටුකොළ
Monday, 23 December 2019 - 14:13 | Views - 1,098
අතීතයේ සිටම ගොටුකොළ ශ්‍රි ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පලා වර්ගයකි. එයටම ආවේනික වු විශේෂ රසයක් ඇති ගොටුකොළ සඳහා වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් පවති. මෙහි ඖෂධීය ගුණ ඇති බව ආයුර්වේදයේ දැක්වේ.ගොටුකොළ යකඩ බහුල පලා වර්ගයකි. වර්‍ධන රටාව අනුව ගොටුකොළ ප්‍රධාන ආකාර දෙකකට බෙදනු ලැබේ.

පඳුරු ආකාරය

පඳුරක් ලෙස එක තැන පැළ රාශීයක් වර්‍ධනය වේ. සාමාන්‍යෙයන් එක් පඳුරක පත්‍ර 100-130 ක ප්‍රමාණයක් ඇති අතර, නටුවක දිග සෙ.මී. 10-15 ක් පමණ වේ. මධ්‍යස්ථ ප්‍රමාණයේ පත්‍ර සහිත මෙම වර්‍ගෙය් පත්‍රයක දිග සෙ.මී. 2.5 ක් හා පළල සෙ.මී. 4.5 ක් පමණ වේ.

වැල් ආකාරය

සිට වු පැළ පඳුරු දමන අතර, ධාවක වර්‍ධනය ද සිදු වේ. මේ නිසා, ක්ෂේත්‍රය පුරා පැතිරෙමින් වැඩේ. ධාවකයේ තැනින් තැන පුරුක්වල මුල් හට ගෙන ඒවා පොළොවට සම්බන්ධ වී නව පැළ ලෙස වර්‍ධනය වේ.

මේවා පත්‍රවල විශාලත්වය අනුව කොටස් තුනකට බෙදිය හැකිය.

විශාල ප්‍රමාණයේ පත්‍ර ඇති වර්‍ග (යෝධ ගොටුකොළ) - පත්‍රයක දිග සෙ.මී. 5.5 ක් හා පළල සෙ.මී. 8.5 ක් පමණ වේ. එක පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනි. නටුවක දිග සෙ.මී. 15 ක් පමණ වේ. පඳුරු වර්‍ගයට වඩා වර්‍ධන වේගය වැඩි අතර, භූමි ඒකකයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය ද වැඩිය. මේරූ විට රසය අඩුවන අතර ඉක්මනින් අස්වැන්න නෙලාගත යුතුය.

මධ්‍යස්ථ ප්‍රමාණයේ පත්‍ර ඇති වර්‍ගය (මීරිගම වර්‍ගය) - මෙම වර්‍ගයේ පත්‍රයක දිග සෙ.මී. 2.5 ක් සහ පළල සෙ.මී. 4 ක් පමණ වේ. නටුවක දිග සෙ.මී. 10 - 15 ක් වේ. එක් පඳුරක පත්‍ර 30 ක් පමණ ඇති අතර, පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනී. වාණිජ මට්ටමේ වගා සඳහා මෙම වර්‍ගය වැඩි වශයෙන් උපයෝගී කර ගැනේ. අනෙක් වර්ග වලට වඩා රසයෙන් වැඩිය. අපනයන සඳහා ද භාවිතා වේ.

කුඩා පත්‍ර ඇති වර්‍ගය/වෙල් ගොටුකොළ

පත්‍රයක දිග සෙ.මී. 1.5 ක් සහ පළල සෙ.මී. 2.5 ක් පමණ වේ. එක් පඳුරක පත්‍ර 10 ක් පමණ ඇති අතර, එක පඳරකින් ධාවක 3 - 5 ක් දක්වා හට ගනියි. නටුවක දිග සෙ.මී. 6 - 8 ක් පමණ වේ. මෙය වෙල් ගොටුකොළ නමින් ද හැඳින්වේ. වෙළඳපොළේ මේවා සඳහා විශේෂ ඉල්ලුමක් ඇත. කැඳ සෑදීම සඳහා මෙම වර්ගය වැඩි වශයෙන් භාවිතා වේ.

ජලය රඳා නොපවතින පහත් බිම්වල තනි වගාවක් ලෙසත්, උස් බිම්වල පොල්, කෙසෙල්, කතුරු මුරුංගා, ආදී වෙනත් වගාවන් අතර යටි වගාවක් ලෙසත් ගොටුකොළ පහසුවෙන් වගා කළ හැකිය. පසේ ජලය රඳා පැවතීම ගොටුකොළ වගාවට අහිතකරය.

සෑම ගෙවත්තකම ගොටුකොළ පාත්තියක් හෝ පෝච්චිවල පඳුරු කීපයක් හෝ සිටුවා ගැනීමෙන් පවුලේ අවශ්‍යතාවය පහසුවෙන්ම සපයා ගත හැකි වේ. පස් සංරක්ෂණ ක්‍රමයක් ලෙස බෑවුම සහිත ඉඩම් වලද ගොටුකොළ වගා කළ හැකිය.

අතීතයේ සිටම ගොටුකොළ ශ්‍රි ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පලා වර්ගයකි.රසයෙන් මෙන්ම ගුණයෙන්ද අගැතන්පත්ය. මෙහි පර්යේෂණත්මකව තහවුරු කෙරුණු යහගුණයන් කිහිපයක් මෙසේ ගෙන එන්නේ අපගේ ගෙවත්තේ වගා කර වස විසෙන් තොරව අපේ බත්පතට එක් කරගත හැකි රස බොජුනක් නිසාවෙනි.ගොටුකොල 100 gක
ශක්තිය කැලරි 37
කබෝහයිදේඩේට්  6g
යකඩ 62.8 mg
බීටාකරොටින් 3600 mic. g
ප්‍රෝටීන් 2.1 g
කැල්සියම් 224 mg
විටමින් C 40-60 mg
ක්ෂූද බණිජලවණ (ක්‍රෝම්යම්,කොපර්,සින්ක්,කොබෝල්ට්,මංගනීස්,සොලිනියම්,සෝඩියම් අඩංගුය.)

ගොටුකොල ආහාරයට එක් කර ගැනීමෙන්

• තරුණ බව රැක දෙයි.
• කටහඩ මිහිරි කරයි.
• සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරයි.
• සම පැහැපත් කරයි.
• හිස කෙස් නිරෝගී කරයි.
• ඇසේ පෙනීම වර්ධනය කරයි.
• ගොටුකොල ආහාරයට ගැනීම මොලය වර්ධනයට හේතු වේ.
• ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.
• අක්මාව ආරක්ෂා කරයි.
• පිළිකා මර්දධනය කරයි.
• ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
• හදවත රැකදෙයි.
• ප්‍රතිදාහ ගුණ සහිතය.
• ප්‍රතිශක්තිය ඉහල නංවයි.
• LDL කොලස්ටරෝල්,Triglyceride අඩු කරයි.
• තුවාල සුව වීම වේගවත් කරයි.
• දියවැඩියා රෝගීන්ට ගුණදායකය.
• වකුගඩු ආරක්ෂා කරයි.
• ක්ෂය රෝගීන්ට ඔසුවකි.
• ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.
• පීනස රෝග සුව කරයි.
• පාද වල වෙරිකොස් රෝගයට ගුණදායකයි.

Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top