Apple සමාගම දෝෂයන් දෙකක් ගැන හෙළිකරයි
Wednesday, 10 January 2018 - 12:45 | Views - 4,471
ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග වෙත බලපෑ බව Apple සමාගම අද (05) පවසා සිටියේය.
එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය.
ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.
ඊයේ (04) දිනයේ වූ බලපෑ Spectre සහ Meltdown දෝෂ දෙක උපාංග බිලියනයකට අධික ප්‍රමාණයකට බලපා ඇති බව කියැවෙන අතර, මෙම දෝෂ දෙකෙන් ප්‍රයෝජන ගෙන විශාල ලෙස පෞද්ගලික දත්ත පිටතට ඇදීමක් දක්වා හැකර් ප්‍රහාරයක් දියත් වීමට පෙර ඔබේ උපාංග නියමිත දින දක්වා යාවත්කාලීන කිරීම වඩා යෝග්‍යය.
දැනට Intel සමාගමෙන් නිෂ්පාදිත චිප් පද්ධති තුළ පමණක් දැකිය හැකි වන Meltdown දෝෂය නිවාරණයට iOS 11.2, macOS 10.13.2, සහ tvOS 11.2 යන යාවත්කාලීනයන් Apple සමාගම නිකුත් කර ඇති අතර Spectre වෙත මුහුණදීමට හැකි යාවත්කාලීනයන් Safari බ්‍රවුසරය හරහා නුදුරේදීම නිකුත් කරනු ඇත.
Share This Article