සිය පෙම්වතිය හා ඇගේ මව ගිං ගඟට තල්ලූ කර අවසන් ගමන් යැවූ 26 හැවිරිදි තරුණයා, පහරදීමකින් මරුට
Sunday, 08 December 2019 - 9:46 | Views - 1,657

සිය පෙම්වතියට සහ ඇගේ මවට තවත් පිරිසක් සමග එක්ව පහරදී ගිං ගඟට තල්ලූ කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු පහරදීමකින් තුවාල ලබා ඊයේ අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
පොලීසිය පැවසුවේ පහරදුන් පිරිස අතර, අදාළ තරුණිය සහ කාන්තාවගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු සිටින බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම - කිරිබතාවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.
 
ඔහු වෘත්තීයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වනවා.
 
අදාළ තරුණිය සමග මෙම පුද්ගලයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර, ඊට තරුණියගේ දෙමව්පියන් අකමැත්ත පළ කිරීම හේතුවෙන් තම පෙම්වතිය සහ ඇගේ මව ඔහු ගිං ගඟට තල්ලූ කර තිබුණේ පසුගිය 2016 වසරේ මැයි මාසයේදීයි.
 
බද්දේගම පාලම මතින් ගිං ගඟට පැන මවගේ සහ දියණියගේ ජීවිතය බේරා ගැනීමට තරුණයින් 3 දෙනෙකු කටයුතු කලත් මවගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ නැහැ.
 
පොලීසිය පැවසුවේ ඊට පලිගැනීමක් ලෙස ඔවුන්ගේ ඥාතීන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
 
ඊයේ රාත්‍රියේ කිරිබතාවිල ප්‍රදේශයේ හෝටලයක මෙම තරුණයා ආහාර ගනිමින් සිටියදී ඔවුන් පැමිණ මෙම පහරදීම සිදුකර තිබෙනවා.
 
පසුව, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
 
ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද, අනාවරණ වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top