ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන සුරූපී චරිතයක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ.
ඉතින් කාලෙන් කාලෙට නිරන්තරයෙන්ම පුවත් මවන්නියක් බවට පත්ව තිබෙන ඇය ගැන වාර්තා වෙන අලුත්ම පුවතක් ගැන මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.
ඒ තමයි ඇයගේ ආදරණිය පුත් Saint West ගේ 4 වන උපන්දිනය සමරා තිබීමයි.
කෙසේවෙතත් තම ආදරණිය පුතුගේ 4 වන උපන්දිනය සැමරීම සදහා කාර්ඩේෂියන් පවුලේ සාමාජිකයින් රැසක් සහභාගී වී තිබෙන අතර පුතුගේ උපන්දිනය වෙනුවෙන් ඇය පවසා තිබෙන්නේ මෙවන් අදහසක්.
"මම ඔබේ සිනහවට සහ ඔබේ මුහුණු ඉරියව් වලට කොතරම් ආදරය කරනවාද යන්න විස්තර කිරීමට වචන නොමැත " යනුවෙනි.