අවුරුදු 43ක් බාල සුරූපී පෙම්වතිය, පාර්ලිමේන්තුවට ගෙන ආ ජනපති - Photos
Thursday, 05 December 2019 - 15:36 | Views - 2,337
සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු බෙලරුස් රාජ්‍යයද ස්වාධින රාජ්‍යක් බවට පත් වූ අතර ඔවුන් 1991 අගෝස්තු මස 25 දින නිදහස් ස්වාධින රාජ්‍යක් බවට ප්‍රකාශ කරන ලදී.
 
ඉන්පසුව 1994 නව ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමෙන් පසුව පලමු ජනපතිවරණයේ සිට මේ දක්වා 5 වරක් පුරා වසර 25 අධික කාලයක් ජනපති ධුරයේ දරමින් සිටින්නේ දැනට 65 හැවිරිදි වියේ පසුවන ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ වන අතර ඔහු මෙයට පෙර යුධ හමුදාවේත් ඉන්පසුව සමුහ ගොවිපොළකත්, රැකියා සිදු කර ඇත.

සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව වෙන් වූ රාජ්‍යන් පුද්ගලීකරණ ක්‍රියාමාර්ග වලට යොමු වූ අතර එහෙත් බෙලරුස් රාජ්‍යය, වෙනත් රාජ්‍යය මෙන් පුද්ගලීකරණ ක්‍රියාමාර්ග වලට, ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ යටතේ නිරත නොවූ අතර තවදුරටත් රුසියාව සමග දිගින් දිගටම සමීප සබදතා පවත්වමින් ආර්ථික කටයුතු පවත්වා ගෙන යන ලදී.
 
මේ වනවිට දෙරටේ වැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව දෙරට තුල සංචාරය කිරීමේ වරම්ද හිමි වී ඇත.
 
ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ යටතේ රාජ්‍ය ව්‍යාපාර යාන්ත්‍රණය හා රජයේ දායකත්වයන් සවිමත් වී ඇති අතර එහෙත් පුද්ගලික නිදහස සිමා වී ඇත.
 
නොවැම්බර් 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ පක්ෂය ජය ලැබූ අතර . විපක්ෂයේ කිසිම කණ්ඩායමකටවත් පාර්ලිමේන්තුවේ ආසන 110 න් එකදු ආසනයක් වත් ජය ගැනීමට ඉඩ නොතැබු අතර, වසර 20 ක් මොහු යටතේ පැවති පාර්ලිමේන්තු මැතිවරණ තුලදී ප්‍රථම වරට පසුගිය පාර්ලිමේන්තුවට පමණක් විපක්ෂයේ 2 දෙදෙනෙකු තේරී පත් වුවද මෙවර නැවතත් විපක්ෂයක් නොමැති ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ පක්ෂය හා ඔහුට සහය දෙන පක්ෂ වලින් පාර්ලිමේන්තුව සමන්විත වී ඇත.
 
මෙම පත් වූ පාර්ලිමේන්තු සභිකයින් අතර විශේෂ මන්ත්‍රීවරයක් වේ. ඇය 2018 චීනයේ පැවති ලෝක රූප සුන්දරිය තේරීමේ තරගයෙන් 3 න ස්ථානය හිමිකරගත් 22 හැවිරිදි සුරූපී මරියා වැසිල්විච් නම් තරුණිය වේ.
 
මෙහි විශේෂත්වය නම් සුරූපී මරියා වැසිල්විච් නම් මැතිවරණය වෙනුවෙන් කිසිම ප්‍රචාරණ රැස්වීමකට හෝ මාධ්‍ය රැස්වීම් වලට සහභාගී නොවී තිබු අතර එහෙත් ඇය ඉතා පහසුවෙන් ජය ගෙන තිබීමයි.
 
2018 චීනයේ පැවති ලෝක රූප සුන්දරිය තේරීමේ තරගයට පෙර සිටීම සුරූපී මරියා වැසිල්විච් ගේ සියලු කටුයුතු නොපැකිලව පිළියෙළ කර දීමට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ කාරුණික වූ අතර ඇයව දේශපලන භූමියටත් ගෙන ඒමටත් දැන් කාරුණික වී ඇත.
 
එමෙන්ම ඊට අමතරව මාධ්‍ය හා එහි වැසියන් පවසන පරිදි ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ හා සුරූපී මරියා වැසිල්විච් අතර පෙම් සබඳතාවයක් පවත්වා ගෙන යන බවත් වාර්තා වේ.
 
එය බෙල්රුසියාව තුල මෙන්ම ලෝක ජන මාධ්‍ය තුලත් තවත් එක ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.
 
2018 දී සුරූපී මරියා වැසිල්විච් බෙල්රුසියා රූ රැජින කිරුළ හිමි කරගැනීමෙන් පසුව ඇය හා ජනපති වරයා නිතරම රුපවාහිනී මාධ්‍ය තුල දැකගත හැකි වූ අතර 2018 රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු අවසන් මහ තරගාවලියටත්, 2019 නව වසරේ උදාවත් සමග බෙල්රුස් හි පැවති නර්තන ප්‍රසංගයටත් දෙදෙනා සහභාගී වී නර්තනයක් ඉදිරිපත් කෙරු අතර එය සජීවීව රුපවාහිනී මාධ්‍ය තුල ද විකාශනය කෙරිණි.
 
ජෝසප් ඩයස් (Joseph Dias)
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
සාරංග - දිනක්ෂි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ යුවලක්.ඉතින්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top