පිරිපුන් සිනාවෙන් රුව ඔපකරන 'දන්ත කල්‍යාණය'
Wednesday, 04 December 2019 - 11:19 | Views - 341
සෑම ආහාර වේලකටම පසු පිරිසුදු වතුරින් කට සෝදා හැරීමට පුරුදු වන්න. දවසකට දෙවරක් දත් මැදීම ඔබගේ දින චර්යාවට එක්කර ගන්න. තුන් මසකට වරක්වත් ඔබගේ දත් බුරුසුව මාරු කරන්න.

කතා පෙළකින් කිව හැකි බොහෝ දේ එක් සිනහ රැල්ලකින් පැවසිය හැකිය. සිනහව උරුම වන්නේ මිනිසාටම පමණි. එය ලොව වෙනත් කිසිම සතකුට නොපිහිටි වරමකි.

පංච කල්‍යාණය ගැන කතා කරන විටත් මුතුවන් දත් දෙපළක සුන්දරත්වය හා බැඳි ‘දන්ත කල්‍යාණය’ ට ප්‍රධාන තැනක් හිමි වේ.

මොන දේ වුණත් අප ජීවත්වන කාලය පුරාවටම දත් දෙපළ ලස්සනට වගේම නිරෝගීව හොඳින් ආරක්ෂා කර ගැනීම වටී.

එහෙත් දත් නිසි ලෙස නඩත්තු කිරීමට නොදත්කම නිසා බොහෝ දෙනෙක් අඩු වයසින්ම තමන්ගෙ දත් අහිමි කර ගනිති. වයස අවුරුදු 60-70 වෙද්දී දත් ගැලවී හැලෙන බවට වැඩි දෙනකු තුළ ඇති ආකල්පයකි. එහෙත් එය වැරැදියි. නිරෝගී සෞඛ්‍යය සම්පන්න අයකුට ජීවිත කාලය පුරාවටම තමන්ගේ දත් සියල්ලම රැකගන්න පුළුවන් බව දන්ත වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

දතක් ගැලවීම යනු

දතක් ගැලවීමේ දී සිදුවන්නේ එය සවි වී ඇති හණු අස්ථියෙන් ඉවතට ගැනීමය. රෝගියා සිහියෙන් සිටිද්දී දත හිරිවැටීමෙන් පසු ගැලවීම සිදු කළ හැකියි. එසේ කිරීම අපහසු නම් රෝගියා සිහි නැතිකර ශල්‍යකර්මයක් ලෙසින් එය ඉවත් කෙරේ. එසේම බියට පත්, නොසන්සුන් ළමයින්ගේ දත් ගෑස් නිර්වින්දනය මඟින් ඉවත් කළ හැකියි. කෙසේ වුව ද දතක් ගැලවීම යනු කුඩා ශල්‍ය කර්මයකි. (ර්ඪදධප ර්‍ණපචත ඉභපඨඥපර)

දතක් ගැලවීමේ අවශ්‍යතාව මතුවන හේතු

1. ස්නායු පිරවුම මඟින් හෝ යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස දත දිරාගිය විට

2. දතේ විදුරු මස හා එය සවි වී ඇති අස්ථිය තදින් ආසාදනය හා දිය වී ඇති විට

3. යථාවත් කළ නොහැකි ලෙස අනතුරකදී දතක් පුපුරා යාමේදී

4. අක්‍රමවත් දත් සඳහා විකලාංග ප්‍රතිකාර කරන විට

උපදෙස්
දන්ත ශල්‍ය වෛද්‍ය අමල් රණසිංහ
මල්වතු හිරිපිටිය රජයේ රෝහල

Share This Article
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත්...
Hiru Tv Blog
අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ...
Hiru Tv Blog
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත්...
Hiru Tv Blog
උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න...
Hiru Tv Blog
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු...
Hiru Tv Blog
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක "ඒ දාපු...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,091 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Thursday, 19 December 2019
Hiru Tv Blog 401 Views
Top