ජැකලීන් සම්ප්‍රදායෙන් ඔබ්බට ජැකලීන් සම්ප්‍රදායෙන් ඔබ්බට
Tuesday, 03 December 2019 - 9:09 | Views - 1,607
ජැකලීන් ෆර්නැන්ඩස් ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්නට වුවමනා නැහැ. ඇය බොලිවුඩයේ සුප්‍රකට සිනමා තාරකාවක්. ඇයගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන බව ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළා.
එය නමින්, “Attack”. . ජෝන් ඒබ්‍රහම් සහ රකුල් ප්‍රීත් සිංහ් ද මෙහිදී රංගනයෙන් දායක වීමට නියමිතයි. මෙය සැබවින්ම සිනමාලෝලීන්ට වෙනස්ම අත්දැකීමක් වන බවයි ඇය විශ්වාස කරන්නෙ. ඒ වගේම තමයි ඇය මෙතෙක් රඟපෑ සාම්ප්‍රදායික රාමුව මේ චිත්‍රපටයෙන් ඉවත්වන බවද ඇය පැවසූවා. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Lakshya Raj anand විසින්. නිෂ්පාදනය ජෝන් ඒබ්‍රහම්.
Share This Article