බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළැයි වසර 17ක් හිරේට
Friday, 22 November 2019 - 16:36 | Views - 639
වසර 09කට පෙර බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට කළ බව කියන තිස්සමහාරාම කිරින්ද ප්රදේශයේ ලැගුම්හල් හිමියෙකුට වසර 17 බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ,රුපියල් 75000ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (22) නියෝග කෙරුණි.
මෙලෙස දඩ වන්දි හා සිර දඩුවම් නියම වුයේ තිස්සමහාරාම , ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදෙරු පියෙකුටය.
චුදිත 2010 වසරේ ජනවාරි මස 25 වන දින තිස්සමහාරාම ප්රදේශයේ පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි බාල වයස්කාර දරුවෙකු රවටා සිය ලැගුම් හලට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
චුදිත මෙම බාලවයස්කාර දරුවා සිය ලැගුම් හලට රැගෙන යනු අසල්වැසි කාන්තාවක දැක ඒ පිළිබදව දරුවාගේ මවට පවසා තිබේ.ඒ අනුව දරුවාගේ මව විසින් දරුවාගෙන් කළ විමසීමේදී දරුවා මවට පවසා ඇත්තේ චුදිත ඔහුට ලිංගික අපයෝජනයට පක් කළ බවයි.
ඒ අනුව දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.
ලද පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරම පොලිසිය විසින් විමර්ෂණ ආරම්භ කෙරුණු අතර සිද්ධියට අදාල මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තෙට මහාධිකරණයේ අධිචෝදනා 04ක් යටතේ නඩු පවරණ ලදි.එහිදී පැවති නඩු විභාගයේදී චුදිට එරෙහිව නගා තිබු අධි චෝදනා දෙකකට සැකකරුර වැරදි කරු බවට ඔප්පු වීය.ඒ අනුව සැකකරුට දඩුවම් නියම කෙරුණි.
චුදිතට පළමු චෝදනාව සදහා වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 25000/=ක දඩ මුදලක් නියම කෙරුණි.චුදිත දඩ මුදල් නොගෙවන්නේ නම් තවදත් වසර එකක සිර දඩුවමක් නියම කෙරුණි.එමෙන්ම චුදිත දෙවන චෝදනාවටද වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර රුපියල් 50,000/= දඩ මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල් නොගෙවන්නේ නම් වසර 05 සිර දඩුවමක්ද නියම කෙරුණි.මිට අමතරව අගතියට පත් දරුවාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළ අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර 05 ක සිර දඩුවමක් නියම කෙරුණි.
Share This Article