ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව සියළුම සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු
Friday, 15 November 2019 - 9:55 | Views - 417
ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියළුම සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සහ පෞද්ගලික සේවා යෝජකයින්ට දැනුම්දීමක් සිදුකරනවා.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව මෙම නිවාඩු ලබාදිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.  

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර කිලෝමීටර් 40ට අඩු නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40ත්, 100ත් අතර නම් දිනක නිවාඩුවක් ද ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

එසේම ඡන්ද මධ්‍යස්ථානයට පවතින දුර කිලෝමීටර් 100ත් - 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සහ කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදී යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ මැතිවරණ පැවැත්වෙන හෙට දිනවලදී සාමාන්‍ය කාල සටහන යටතේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, අද දිනයේදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අමතර දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි වජිර පොල්වත්තගේ සඳහන් කළා.

මේ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා ඊයේ සිට අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.  

එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය පෞද්ගලික බස් රථ දැනටමත් ප්‍රමාණවත් පරිදි යොදවා ඇති බවයි. 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 644 Views
Top